“අම්මා බේරෙන්න එළියට පැනලා දිව්වා...” - නාවලපිටිය තිදරු මව ඝාතනයේ එළියට ආ වෙනස්ම කතාව මෙන්න
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
05

“අම්මා බේරෙන්න එළියට පැනලා දිව්වා...” - නාවලපිටිය තිදරු මව ඝාතනයේ එළියට ආ වෙනස්ම කතාව මෙන්න

“අම්මා බේරෙන්න එළියට පැනලා දිව්වා...” - නාවලපිටිය තිදරු මව ඝාතනයේ එළියට ආ වෙනස්ම කතාව මෙන්න

තම දියණියගේ නිවසේ නිදාගෙන සිටි බිරිඳ පිහියකින් ඇන ඝාතනය කළ සැමියා ඊයේ (04) අලුයම නාවලපිටිය පොලිසියට භාර වී ඇති බව නාවලපිටිය පොලිසියේ ස්ථානාධිපති ප්‍ර.පො.ප. හරේන්ද්‍ර කළුගම්පිටිය මහතා පැවසීය.

 

මෙසේ ඝාතනයට ලක්වී ඇත්තේ නාවලපිටිය සෙම්රොක් ප්‍රදේශයේ පදිංචිව සිටි ගයානි දිල්රුක්ෂි කුමාරි නමැති 46 හැවිරිදි තිදරු මවකි. සිය සැමියා සමග නිරන්තරයෙන් ආරවුල් ඇති වන නිසා ඇය දියණියගේ නිවසේ නැවතී සිට ඇත.

 

ඇය කොළඹ ප්‍රදේශයේ ඇගලුම් කර්මාන්ත ශාලාවක සේවය කර දානමය පිංකමකට සහභාගී වීම සඳහා පෙරේදා 03 දා නාවලපිටිය ප්‍රදේශයේ පිහිටි දියණියගේ නිවසට පැමිණ නතර වී සිටියදී මෙම ඉරණමට ලක්ව ඇත.

 

ඊයේ (04) අලුයම 1.30ට පමණ පිහියක් සහිතව නිවසේ පහළ මහලේ ජනේලය මතින් හොර රහසේ නිවසට ඇතුල් වූ පියා නිවසේ කාමරයේ නිදාගෙන සිටි මවට පිහියෙන් ඇනීමත් සමග මව බේරීම සඳහා නිවසෙන් පිටතට දිවගිය බවත්, මව පිටුපසින් හඹාගිය පියා නිවසෙන් පිටතදී යළිත් මවට පිහියෙන් ඇන ගලකින් හිසට ගසා මව ඝාතනය කළ බවට ජීවිතක්ෂයට පත් කාන්තාවගේ දියණිය පොලිසියට ප්‍රකාශ කර ඇත.

 

මව බේරීමට ගිය දියණියට ද තුවාල සිදුවී ඇති බවත්, මෙය පවුල් ආරවුලක් මත සිදුවූ ඝාතනයක් බවත්, ජීවිතක්ෂයට පත් කාන්තාව සහ සැකකාර සැමියා කාලයක් තිස්සේ වෙන්වී ජීවත් වී ඇති බවද සිදු කරන ලද මූලික විමර්ශනවලදී අනාවරණය වූ බව ස්ථානාධිපතිවරයා කියයි.

 

සැකකරු යුද හමුදාවේ සේවය කර පසුව වෛද්‍ය වාර්තා අනුව සේවයෙන් ඉවත් වූ අයෙක් බව පොලිසිය පැවසීය.

 

නාවලපිටිය මහෙස්ත්‍රාත්වරයාගේ ස්ථාන පරීක්ෂාවෙන් පසු සිරුර පශ්චාත් මරණ පරීක්ෂණ සඳහා නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමුකරන බවද ස්ථානාධිපතිවරයා පැවසීය.

views

587 Views

Comments

arrow-up