“ඌට ගහපු ගමන් ආයේ ලංකාවට පනින්න තමයි හිටියේ” - කෙසෙල්බද්දර පද්මේගේ කමාන්ඩෝ බළකාය ගැන කමාන්ඩෝ යෝ යෝ වැමෑරු රහස
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
22

“ඌට ගහපු ගමන් ආයේ ලංකාවට පනින්න තමයි හිටියේ” - කෙසෙල්බද්දර පද්මේගේ කමාන්ඩෝ බළකාය ගැන කමාන්ඩෝ යෝ යෝ වැමෑරු රහස

“ඌට ගහපු ගමන් ආයේ ලංකාවට පනින්න තමයි හිටියේ” - කෙසෙල්බද්දර පද්මේගේ කමාන්ඩෝ බළකාය ගැන කමාන්ඩෝ යෝ යෝ වැමෑරු රහස

පසුගිය දිනයක විශේෂ පොලිස්‌ කණ්‌ඩායමක් කටුනායක ගුවන්තොටුපළට හදිසියේම ගියේය.
 


ඒ දැනට කමාන්ඩෝ බළකායෙන් පලාවිත් සිටින අයකු අත්අඩංගුවට ගැනීම සඳහාය. ගනේමුල්ල සංජීවගේ ඝාතන විමර්ශනය දිගුවක් ලෙස මෙම අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමද ක්‍රියාත්මක විය.


 

පොලිසියට ලද ඔත්තුව ටක්කෙටම නිවැරදිය. නේපාලය බලා පිටත්ව යෑමට සිටි පලා ආ කමාන්ඩෝ සෙබළකු මෙලෙස  අත්අඩංගුවට පත්විය. ඔහු කමාන්ඩෝ බළකායේ වසර හතක සේවා කාලයක් හිමි සෙබළෙකි.එසේම ඔහු එම බළකාය තුළ සිටි දක්ෂ වෙඩික්කරුවෙකි. ඔහුව හඳුන්වන්නේ “කමාන්ඩෝ යෝ යෝ” ලෙසය. 28 හැවිරිදි  කමාන්ඩෝ යෝ යෝ මිද්දෙණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.


 

ගනේමුල්ල සංජීවගේ ඝාතනය ඩුබායි රාජ්‍යයේ සිට මෙහෙයවනු ලැබූ කෙහෙල්බද්දර පද්මේගේ  මෙරට මෙහෙයුම් හසුරු වන බව කියන්නේ  කමාන්ඩෝ සලින්තය. සලින්ත  යෝ යෝ හට ඉලක්කයක් ලබා දෙන්නේ නේපාලයට ගොස් පුද්ගලයකු වෙඩි තබා ඝාතනය කිරීමටය.  සලින්තද කමාන්ඩෝ බළකායෙන්ම පලාවිත් පද්මේ සමඟ දෙස් විදෙස් පාතාල මෙහෙයුම් සැලසුම් කරමින් සිටී.


 

“සර් සලින්තගේ අම්මයි නංගියි ඉන්නේ නේපාලයේ.සලින්ත මේ අම්මටයි නංගිටයි හරිම ආදරෙයි.නේපාලේ ඉන්න එකෙක් අම්මටයි නංගිටයි කරදර කරනවා.එයාලා ඒක අඬ අඬා සලින්තට කියලා.ඉතින් ඌව ඉවරයක් කරන්න මට බාර දුන්නා.මම එයාර්පෝර්ට් එකට ආවේ නේපාලේ යන්න.මට සලින්ත උපදෙස් දීලා තිබුණේ නේපාලේ එයාර්පෝර්ට් එකට මාව ගන්න කෙනෙක් එයි කියලා.එයා ටාගට් එක පෙන්නුවට පස්සේ මට තිබ්බේ ගහන්න විතරයි.ඒත් ඒකට දවස් කිහිපයක් යනවා.ඌ ඉන්න තැන් බලාගන්න තමයි මුලින්ම අපි සැලසුම් කරලා තිබ්බේ.ඌට ගහපු ගමන් ආයේ ලංකාවට පනින්න තමයි මම හිටියේ.ඌට ගහන්න වෙපන් ඔක්කොම මට එහෙන් දෙනවා කියලා තමයි තිබුණේ”


 

“යෝ යෝ” පුද්ගල ඝාතන සැලසුම මෙලෙස  විමර්ශකයන්ට පැවසුවේය.මේ සඳහා වන ටිකට්, වීසා, නවාතැන් ඇතුළු සියල්ල කමාන්ඩෝ සලින්ත විසින් සූදානම්කොට හමාරය.යෝ යෝගේ  මඟ වියදම් සඳහා රුපියල් ලක්ෂ දෙකහමාරක මුදලක්ද සලින්ත ඔහුට ලබා දුන්නේය.


 

ඔහු පාපෝච්චාරණය කළ මෙම කරුණු සම්බන්ධයෙන් මේ වන විට පොලිස් විමර්ශකයන් විමර්ශන ආරම්භ කොට තිබේ.ඔහු පවසන මෙම කතාව සත්‍යයක් නම් ඒ ඉතාම බරපතළ තත්ත්වයකි.


 

මෙරට පාතාලය විසින් විදෙස් රටවල පුද්ගල ඝාතන සැලසුම් කිරීම මහත් භයානක තත්ත්වයකි.මේ සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සතු කමාන්ඩෝ බළකාය වැනි සුවිශේෂී හමුදාවක සාමාජිකයන් යොදා ගැනීමද ඊටත් වඩා භයානකය.


 

කමාන්ඩෝ බළකායේ සේවා අත්දැකීම සහ දක්ෂ වෙඩි තැබීම නිසා සලින්ත යෝ යෝව පද්මේගේ පාතාල කමාන්ඩෝ කල්ලිය සඳහා බඳවා ගත්තේය.ඒ මීට ටික කලකට ඉහතදීය.
 

 

කමාන්ඩෝ බළකායෙන් පලා විත් සිටි යෝ යෝ පසුකාලීනව අයිස් මත්ද්‍රව්‍ය සඳහා තදින් ඇබ්බැහි විය. ඔහු දිනකට රුපියල් දසදහසක පමණ මුදලක් වියදම් කොට අයිස් මත්ද්‍රව්‍ය පානය කරයි.


 

“මල්ලී උඹට සල්ලි කීයක් හරි ඕන්නම් කියපන් මම දාන්නම්” සලින්ත නිරන්තරයෙන් යෝ යෝ ගේ  දුක සැප සොයමින් ඔහුට තිස් හතළිස් දාහ ඔහුගේ බැංකු ගිණුමට බැර කළේය.

 

යෝ යෝත්  නොදැනීම සලින්තගේ කීකරු ගෝලයකු විය.


 

“සර් මම ඩීල් කළේ කමාන්ඩෝ සලින්තත් එක්ක විතරයි. එතැනින් එහාට මම කිසි දෙයක් දන්නේ නැහැ”විමර්ශකයන් හට පැවසුවේය.


 

මිද්දෙණිය, අහුන්ගල්ල ,මීගමුව යන ප්‍රදේශවල වෙඩි තැබීම් කිහිපයක්ද සිදුකිරීමට යෝ යෝට සලින්ත විසින් නියෝග ලබාදී තිබුණි.


 

“සර් මට දීපු ඒ ඇටෑක් ටික මට කරගන්න බැරි වුණා.මරන්න හිටපු උන් මඟහැරුණා.එක ඇටෑක් එකක් තිබ්බා වෑන් එකකට ගහලා මරන්න.ඒකත් බැරි වුණා.”මෙම යෝ යෝ නමැති හිටපු කමාන්ඩෝ සාමාජිකයා පිළිබඳ සියලු කරුණු හෙළිදරව් කරන්නේ දැනට ගනේමුල්ල සංජීවගේ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් “කමාන්ඩෝ වෙන්ටා” ය.


 

ගනේමුල්ල සංජීව ඝාතනයේ තවත් මොළකාරියක ලෙස සැලකෙන තවමත් අතුරුදන්ව සිටින සෙව්වන්දි හා ඝාතනයට පෙර දින පැය ගණන් දුරකථන සංවාදයේ යෙදුණු වෙන්ටාව තලවතුගොඩ ප්‍රදේශයේදී පොලිස් අත්අඩංගුවට පත්විය.ඒ පෑලියගොඩ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල ගේ විමර්ශනයක ප්‍රතිඵල ලෙසය.


 

වෙන්ටාද තදින් අයිස් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවෙකි.ඔහුවද පද්මේගේ පාතාල කමාන්ඩෝ බළකාය සඳහා බඳවාගෙන ඇත්තේ කමාන්ඩෝ සලින්ත විසිනි.කමාන්ඩෝ සලින්ත වෙන්ටාගේද දුක සැප සොයා බලමින් ඔහුට ඇති පදමින් මුදල් වියදම් කොට ඇත.


 

කමාන්ඩෝ සලින්ත දැනට මැලේසියාවේ සිටිමින් මෙම පාතාල කමාන්ඩෝ බළකාය මෙහෙයවමින් සිටී.


 

අලුත්කඩේ අධිකරණ පරිශ්‍රයට පැමිණ පොතක් අස්සේ තිබූ පිස්තෝලයක් ඇද නීතිඥවරයකු ලෙස ගනේමුල්ල සංජීව එලොව යැවීම සඳහා වෙඩි තැබූ කමාන්ඩෝ සලිදු ද, වෙන්ටාගේ  සහ යෝ යෝගේ  ගජ මිත්‍රයෙකි.
 

 

කමාන්ඩෝ සලිදු ද  දක්ෂ වෙඩික්කාරයකු වන අතර ඔහු කමාන්ඩෝ බළකාය හඳුන්වා ඇත්තේ “ටැටුවා” යන අන්වර්ත නාමයෙනි.

 

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සුවිශේෂීම බළකායක් ලෙස සැලකෙන කමාන්ඩෝ බළකාය මෙරටින් එල්ටීටීඊය තුරන් කිරීම සඳහා සුවිශේෂී මෙහෙයුම් රැසක් සිදු කළ බළකායක් ලෙස හැඳින්විය හැකිය.නැඟෙනහිර පළාතේ සුවිශේෂී මෙහෙයුම් රැසක් කරමින් යුද හමුදාවට ජයග්‍රහණ රැසක් අත්පත් කර දුන් කමාන්ඩෝ සෙබළුන් 600ක් පමණ ලක් මාතාව වෙනුවෙන් දිවි පුදා ඇත.


 

දැනට කමාන්ඩෝ බළකාය සතුව සෙබළුන් තුන්දාස් පන්සීයක් පමණ සේවයේ නිරත වේ...



උපුටා ගැනීම - මව්බිම

views

204 Views

Comments

arrow-up