ජංගම දුරකථනයක් නිසා ආනන්තරීය පාප කර්මයක් කරගත් පුතෙකු ගැන ඇහෙන කතාව
විදේශගත ඔබට
Latest_News
calendar
APR
22

ජංගම දුරකථනයක් නිසා ආනන්තරීය පාප කර්මයක් කරගත් පුතෙකු ගැන ඇහෙන කතාව

ජංගම දුරකථනයක් නිසා ආනන්තරීය පාප කර්මයක් කරගත් පුතෙකු ගැන ඇහෙන කතාව

ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ ඔරුගොඩවත්ත ප්‍රදේශයේදී පුතකු විසින් සිය පියාට යකඩ පොල්ලකින් පහරදී ඝාතනය කර ඇතැයි ග්‍රෑන්ඩ්පාස් පොලිසිය පවසයි.

 

ඉකුත් 18 වැනිදා රාත්‍රී මෙලෙස ඝාතනයට ලක්වී ඇත්තේ ඔරුගොඩවත්ත, අවිස්සාවේල්ල පාරේ පදිංචිව සිටි 54 හැවිරිදි අයෙකි.

 

මරණකරු හා ඔහුගේ පුත්‍රයා අතර ඇතිවූ ආරවුලක් දුරදිග යාම හේතුවෙන් පුත්‍රයා විසින් යකඩ පොල්ලකින් මරණකරුගේ හිසට පහරදී ඇති අතර එම පහරදීමෙන් බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඔහු මියගොස් තිබේ.

 

මෙම අපරාධය සිදුකළ 20 හැවිරිදි මරණකරුගේ පුත්‍රයා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

 

සැකකාර පුත්‍රයා මත්ද්‍රව්‍ය පානයට ඇබ්බැහිවූ අයකු බව පොලිසිය කියයි.

 

සැකකාර පුත්‍රයාගේ මව දැනට විදේශගතව රැකියාවක නිරත වන බව ද හෙළිවී ඇත.

 

පියා විසින් පුත්‍රයාගේ ජංගම දුරකථනය පොළොවේ ගසා තිබේ. ඉන් කෝපයට පත්ව ඇති පුත්‍රයා යකඩ පොල්ලක් රැගෙනවිත් පියාට පහරදී ඇතැයි හෙළිවූ බව පොලිසිය කියයි.

 

ඝාතනයට ලක්වූ පියාගේ පශ්චාත් මරණ පරීක්ෂණය 20දා කොළඹ අධිකරණ වෛi නිලධාරි කාර්යාලයේදී සිදු කිරීමට නියමිතව තිබිණි.

views

143 Views

Comments

arrow-up