”හා හා පුරා කියලා, මං එයාට දුන්නු මුල්ම තෑග්ග..” - අමතක නොවන තෑග්ගක් ගැන කසුන් තැබු සටහන (PHOTOS)

ආදරය දැන් ගොඩක් දුර ගිහිල්ලා.. වර්තමානය වෙනකොට එයාලා මව්පියන්..
මේ කියන්න යන්නේ එයාලාගේ ආදර කතාව ගැන කසුන් ලියූ අපූරු සටහනක්...
ආදරය කවදාවත් පරණ වෙන්නේ නැහැ.. සැමරුම් එක්කම හිතන්නේ නැතුව අපි ගන්න සමහර ඡායාරූපත් ඒ මතක අපට යළි සිහිපත් කරනවා..
ඒ ඇය ඔහුට දුන්න මුල්ම තෑග්ග.. ඒක රසම රස බත් පතක්.. ඉතින් කවිකාරයෙක් වෙච්ච කසුන් එදා ඇයට ඒකට ස්තූතිවන්ත වුණේ අපූරු කවියකින්.. මෙන්න බලන්නකෝ ඔහු ඒ ලියූ පදවැල්වල අපූරුව..
එයා හා හා පුරා කියලා මුලීන්ම බත්පතක් තෑගි දුන්නම මේ තමයි මං එයාට දුන්නු මුල්ම තෑග්ග. මේ තියෙන්නෙ ආං ඒ මාධවීමය කවිය !
හිස්වෙච්ච මධු විතක් බැවින් මේ ජීවිතේ
වරින්වර පුරවන්න තුඩින් ගෙන ආදරේ
උහුලන්න බැරිම තැන පපුව මැද සීතලේ
ගුලිවෙන්න නුඹ එන්න රැගෙන පෙම් හී සරේ .
දෙතොල් මන්දස්මිතය හද පුරා හලාගෙන
සිත්තමක් විලස නිල් විලේ මල් නෙලාගෙන
සුසුම් නිම්හිම් නැතිව හැඟුම් ලෙස උරාගෙන
නවතින්න නුඹ එන්න රාත්රිය සොරාගෙන .
දෙකම්මුල් මැද සැලෙන සඳ දියේ නෑවී
සියුම් ඇහිපිල්ලමක ඉසියුම්ව ගෑවී
දෙපා තුඩු දිගේ ළය සිඹින්නට පේවී
ඇවිලෙන්න නුඹ එන්න නිවි නිවී පාවී .
හිමිකමක් නැති එකම හිමිකමක් නේද
හිමි වුණොත් අහිමි වෙන තැන් තියෙයි නේද
නිමි කියා තියන්නට තිතක් නෑ නේද
බැමි කඩා බිඳින්නට ආදරෙයි නේද .
අවැසි හැම වෙලාවෙම උරහිසක් වෙන්න
නුඹට රිසි විලාසෙන් දිය පොදක් බොන්න
සිය දහස් වාරයක් සිපගන්න දෙන්න
ළමැද මත ඉතිරෙන්න මේ දැන් ම එන්න !
297 Views
Comments