“දෙයියනේ...මම ගැහුණා.., මම එයාට දිවුරුවා මම එහෙම හිටියේ නෑ කියලා” - අපායක් වූ මංගල රාත්‍රිය ගැන තරුණියක් කියූ කතාව
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
22

“දෙයියනේ...මම ගැහුණා.., මම එයාට දිවුරුවා මම එහෙම හිටියේ නෑ කියලා” - අපායක් වූ මංගල රාත්‍රිය ගැන තරුණියක් කියූ කතාව

“දෙයියනේ...මම ගැහුණා.., මම එයාට දිවුරුවා මම එහෙම හිටියේ නෑ කියලා” - අපායක් වූ මංගල රාත්‍රිය ගැන තරුණියක් කියූ කතාව

ලංකාවේ තියෙන සංස්කෘතික බැමිත් එක්කලා, මිනිස්සු පුරුදු වෙලා ඉන්නවා එක එක විදිහට හිතන්න.


සමහර අම්මලාට වුවමනා පුතාව හොඳම කෙනාට, බන්ඳලා දෙන්න නෙවෙයි, "පිරිසිදුම" කෙනාට බන්ඳලා දෙන්න..
 

ඒ අය ඒකට කියන්නෙ "සුදු රෙද්දේ පැල්ලම" කියලයි...
 

මේ කියන පිරිමි බොහෝම මේ ලංකාව ඇතුළේ ඉන්නවා.මේ කියන අම්මලාත් මේ ලංකාව ඇතුළේ ඉන්නවා...
 

"පිරිමි කියනනෙ තිරිසන්නු... මට එච්චරයි කියන්න තියෙන්නෙ.මම ඇත්තටම හිතුවේ කසාදේ තමා මේ ලෝකේ ලස්සනම දේ කියලා. හනිමුන් එක තමා ලොකුම පරිත්‍යාගයකියලා.. ඒත් මගේ මිනිහා හෙවුවේ සුදු රෙද්දෙ රතු පැල්ලමක්..ඌට වුවමනා වුණේ මගේ පිරිසිදුකම දැනගන්න.."
 

"මම ඒ වගක් දැනන් හිටියේ නෑ. ඌ කවදාවත් පෙන්නුවෙත් නෑ.ඒත් මොකද්දෝ අවාසනාවකට මට මගේ පිරිසිදුකම ඌ ඉදිරියේ පෙන්වන්න බැරිවුණා. ඇත්තම කතාව මම පිරිසිදුයි.. මම මිනිහෙක් එක්ක ඉඳලත් නැතුව ‌මට මගේ පිරිසිදුකම පෙන්වන්න බැරිවුණා. දෙයියනේ...!! මම ගැහුණා.."
 

"මම එයාට දිවුරුවා මම වෙන කෙනෙක් එක්ක හිටියේ නෑ කියලා.ඒත් එයා විශ්වාස කළේම නැහැ. මට කරන්න පුළුවන් වුණේ අම්මට කෝල් කරලා අඬන එක විතරයි.. අම්මලා තමයි මේ උපාසක බමුණව හොයලා දුන්නෙ. මම බෑ කියද්දි මගේ කරේ ගැහුවේ.."
 

"ඒත් අන්තිමට ඌ තිරිසනෙක් කියලා ඌ විසින් ඔප්පු කරලා පෙන්නුවා.. මම එදාම හැමදේම දාලා ගෙදර ආවා. දවස් ගාණක් එක දිගට ඇඬුවා. කසාදේ කටු ගෑවා.."
 

"දැන් නම් හිත හදාගෙන ඉන්නෙ. මට පණ වගේ ආදරේ කරන කෙනෙක් ඉන්නවා. ඇත්තටම දැන් මම සතුටින් ඉන්නෙ. ඒත් අවුරුදු ගාණක් ගත වෙලත් මට ඒ දවස් මතක් වෙනවා. එතකොට ගොඩක් දුක හිතෙනවා. මේ ලෝකෙ කිසිම කෙල්ලෙක් ඒ වගේ අසරණ වෙන්න එපා"

 

- උපුටා ගැනීමක්

views

204 Views

Comments

arrow-up