රූපලාවන්‍ය කටයුතු සඳහා කල අධික වියදම නිසා බංකොලොත් වූ ප්‍රසිද්ධ චරිතයක් දිවියට සමුදෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
02

රූපලාවන්‍ය කටයුතු සඳහා කල අධික වියදම නිසා බංකොලොත් වූ ප්‍රසිද්ධ චරිතයක් දිවියට සමුදෙයි

රූපලාවන්‍ය කටයුතු සඳහා කල අධික වියදම නිසා බංකොලොත් වූ ප්‍රසිද්ධ චරිතයක් දිවියට සමුදෙයි

ඇමරිකානු පුවත්පත්වල “කැට්වුමන්” සහ “වයිල්ඩන්ස්ටයින්ගේ මනාලිය” වැනි අන්වර්ථයන්ගෙනන් හැඳින්වූ සමාජවාදියෙකු වන ජොසලින් වයිල්ඩන්ස්ටයින් මියගොස් තිබෙනවා.

 

ඇය වඩාත් ප්‍රසිද්ධ වූයේ ප්ලාස්ටික් ශල්‍යකර්මයන් මගින් තමන්ගේ පෙනුම වැඩි දියුණු කර ගැණීමට ගත් උත්සාහයන් නිසයි.

 

විශේෂයෙන්ම බළලුන්ට ප්‍රිය වූ ඇය, තම පෙනුමත් ඒ ආකාරයට සකස් කර ගැනිමේට උත්සහ ගත් බව සඳහන්.

 

ඇගේ සහකරු ලොයිඩ් ක්ලයින්, මරණය තහවුරු කරමින් පවසා ඇත්තේ, ස්විට්සර්ලන්තයේ උපන් මෙම සමාජ ක්‍රියාකාරිනිය පැරිසියේදී පෙනහළු ආබාධයකින් මිය ගිය බවයි.

 

ඇගේ කුණාටු සහිත ආදර ජීවිතය, දැඩි ලෙස වෙනස් වන පෙනුම සහ දික්කසාද වීමෙන් ඇයට ලැබුණු අධික ගෙවීම හේතුවෙන් ඇගේ වැඩිහිටි ජීවිතයේ වැඩි කාලයක් නිව් යෝර්ක් ටැබ්ලොයිඩ් වල ප්‍රධාන චරිතයක් බවට පත්වුණා.

 

නමුත් රූපලාවන්‍ය ක්‍රියා පටිපාටිවල අධික වියද නිසාම ඇය බංකොලොත් වූ බව පසුව ජොසලින් පවසා තිබුණා,

 

නිතර නිතර තම පෙනුම වෙනස් කර ගැනීමට අධිකව මුදල වියදම් කළ ඇය වරක් ඇය 2006 දී ඡායාරූප ශිල්පී සෙඩ් නෙල්සන්ට
පවසා තිබුණේ මෙවැන්නක්.

 

“ඔබේ අසම්පූර්ණකම්, වයසට යාම ගැන ඔබට හොඳක් දැනෙනවා නම්, ඔබ කිසිවක් නොකළ යුතුයි,” “එසේ නොමැති නම්, ඒ සියල්ලට නිවැරදි වෛද්‍යවරයා තෝරා ගත යුතුයි.”

 

views

201 Views

Comments

arrow-up