වැඩි වැඩ දැමීමට ගොස් වැඩ වරද්දාගත් සොරෙකු ගැන ඇසෙන අමුතු තාලේ කතාව
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
24

වැඩි වැඩ දැමීමට ගොස් වැඩ වරද්දාගත් සොරෙකු ගැන ඇසෙන අමුතු තාලේ කතාව

වැඩි වැඩ දැමීමට ගොස් වැඩ වරද්දාගත් සොරෙකු ගැන ඇසෙන අමුතු තාලේ කතාව

පසුගියදා කොළඹ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ ලැප්ටොප් පරිගනක සොරකමක් සිදුව තිබෙනවා.



එහි තිබූ ලැප්ටොප් පරිගනක 10ක්, ජංගම දුරකතන 2ක් සහ චාර්ජරයක්ද සොරාගෙන ඇති බවයි වාර්තා වුණේ.



එම ලැප්ටොප් පරිගනක සොරකමට අදාළව වැල්ලවත්ත ප්‍රදේශයේ පදිංචි සැකකරුවෙකු කොටුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.



පසුගිය දිනෙක කොළඹ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ නැගෙනහිර කුළුනේ 26 වැනි මහලේ මෙම සොරකම සිදුව තිබෙන බවයි පැවසෙන්නේ.



සොරකම් කිරීමෙන් පසුව එම පුද්ගලයා අදාල ගොඩනැගිල්ලේ batman ලෙස සටහන් තබා තිබෙනවා.

 

 

පොලිස් නිලධාරීන්ගේ අනුමානය වී තිබුණේ සැකකරු ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ ආරක්ෂාව සහ අභ්‍යාන්තරය පිළිබඳ හොඳින් දැන සිටි අයෙක් බවටයි.

 

ඒ අනුව එහි මින්පෙර සේවය කළ අයගේ ෆේස්බුක් ගිණුම් පිරික්සීමට පොලිසිය පියවර ගත් අතර, 'BAT MAN'ගේ රුව බහුල ලෙස සටහන්ව තිබූ ගිණුමක් පිළිබඳව පොලිස් නිලධාරීන්ගේ අවධානය යොමුව තිබුණා.

 

ඒ් අනුවයි ඒම පුද්ගලයාව අත්අඩංගුවට ගෙන තිබුණේ.



අත්අඩංගුවට-සැකකරු ලබන 30 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරයි නියෝග කර තිබෙන්නේ.

 

 

views

174 Views

Comments

arrow-up