දියණිය පාසල් ගිය අතරේ තිස්හත් හැවිරිදි කත කපා කොටා මරා දැමූ අනියම් ඇසුරේ හමුදා සෙබළා
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
14

දියණිය පාසල් ගිය අතරේ තිස්හත් හැවිරිදි කත කපා කොටා මරා දැමූ අනියම් ඇසුරේ හමුදා සෙබළා

දියණිය පාසල් ගිය අතරේ තිස්හත් හැවිරිදි කත කපා කොටා මරා දැමූ අනියම් ඇසුරේ හමුදා සෙබළා

කොස්ගොඩ පොලිස් වසමේ ඉඳුරුව ඇට වල වත්ත ප්‍රදේශයේදී පෙරේදා  එක් දරු මවක් නිවසක් තුළදී තියුණු ආයුධයකින් කපා කොටා  ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අද (13දා) යුධ හමුදා සෙබළකු අත්අඩංගුවට ගත් බව අනුරාධපුර මූලස්ථාන පොලිසිය පවසයි.



පසුගිය 12දා මෙම ඝාතනය සිදුව තිබූ අතර මෙලෙස ඝාතනයට ලක්ව තිබුනේ ඉඳුරුව ඇටවල වත්ත ප්‍රදේශයේ පදිංචි තිස් හත් හැවිරිදි කොස්ගොඩ බඩහැලගේ චාන්දනී නමැති එක්දරු මවකි.

 

කාන්තාවගේ මළ සිරුර පෙරේදා (12වැනිදා) උදේ ඇයගේ නිවෙස ඉදිරිපිට තිබි සොයා ගත් බව කොස්ගොඩ පොලීසිය කියයි. මෙසේ ඝාතනය කර තිබූ කාන්තාවගේ දියණිය අම්බලන්ගොඩ නගරයේ ප්‍රධාන පාසලක ඉගෙනුම ලබන බවත් ඇය පෙරේදා (12) උදේ පාසලට පැමිණි පසුව මේ ඝාතනය සිදු කර ඇති බව මූලික පරීක්ෂණයේදී අනාවරණය වී තිබුණි.

 

නිවස ඉදිරිපිට තියුණු  ආයුධයකින් කපා කොටා ඝාතනය කොට තිබියදී එම නිවස ඉදිරිපිටින් ගමන් ගත් අයකු දුන් තොරතුරක්  මත සිරුර සොයා ගෙන තිබේ.



සැමියා විදේශගතව සිටින මේ කාන්තාවගේ නිවස මංකොල්ල කෑමට පැමිණි පිරිසක් කළ දෙයක් ද නැතහොත් අනියම් සම්බන්ධතාවක් වැනි හේතුවක් නිසා වූවක්ද යන්න පිළිබඳව පොලිසිය විමර්ශනයක් කළ අතර ඇගේ සැමියා විදෙස් ගතව සිට  අතර ඇය,  යුද හමුදා සෙබළකු සමග අනියම් සබඳතාවක් පවත්වා ගෙන ගොස් ඇති බවට තොරතුරු ලැබී තිබූ බව පොලිසිය කියයි.

 

කොස්ගොඩ පොලීසියේ නිලධාරීහු පිරිසක් සහ අනුරාධපුර මූලස්ථාන පොලීසියේ අපරාධ අංශයේ නිලධාරීහු පිරිසක් මෙම ඝාතනය සම්බන්ධයෙන් විමර්ශන සිදු කර සැකකාර  යුද හමුදා සෙබළා අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

 

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ  අනුරාධපුර සාලියපුර, මාන්කඩවල ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි යුධ හමුදා සෙබළෙකි. අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

 

මේ ඝාතනය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය පෙරේදා (12) සිදු කිරීමට නියමිතව තිබිණ.

views

364 Views

Comments

arrow-up