දකුණ කළඹවමින් පත්තු වුණු වෙඩි වරුසාවෙන් නදීෂාන්ට සහ පසිඳුට දිවි අහිමිවෙලා - සිදුවීම පසුපස සැඟවුණු තොරතුරු රැසක් එළියට
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
22

දකුණ කළඹවමින් පත්තු වුණු වෙඩි වරුසාවෙන් නදීෂාන්ට සහ පසිඳුට දිවි අහිමිවෙලා - සිදුවීම පසුපස සැඟවුණු තොරතුරු රැසක් එළියට

දකුණ කළඹවමින් පත්තු වුණු වෙඩි වරුසාවෙන් නදීෂාන්ට සහ පසිඳුට දිවි අහිමිවෙලා - සිදුවීම පසුපස සැඟවුණු තොරතුරු රැසක් එළියට

මාතර දෙවුන්දර ප්‍රදේශයේදී සිදු කළ වෙඩි තැබීමකින් තරුණයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් වී තිබෙනවා.

 

වෙඩික්කරුවන් පැමිණි වෑන් රථයද වෙඩි තැබු ස්ථානයට නුදුරින් ගිනි තබා තිපබියදී පොලීසිය සොයා ගත්තා.

 

මාතර දෙවුන්දර ශ්‍රී විෂ්ණු දේවාලයේ දකුණු වාහල්කඩ ඉදිරිපස සිංහාසන මාර්ගයේ ඊයේ රාත්‍රී 11.45ට පමණ වෑන් රථයකින් පැමිණි නාදුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් යතුරුපැදියකින් ගමන්කරමින් සිටි තරුණයින් දෙදෙනෙකු ඉලක්ක කරමින් මේ වෙඩි ප්‍රහාරය එල්ල කර තිබුණා.

 

ටී-56 හා මිලිමීටර් 9 වර්ගයේ ගිනිඅවි දෙකකින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති අතර වෙඩි වැදුණු තරුණයින් දෙදෙනා එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත් ව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

 

එලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ දෙවුන්දර සිංහාසන පාරේ පදිංචිව සිටි යොමේෂ් නදීෂාන් හා පසිදු තාරුක නැමති 28 හා 29 හැවිරිදි තරුණයන් දෙදෙනෙක්.

 

ඔවුන් දෙදෙනා දෙවුන්දර කපුගම්පුර ප්‍රදේශයේ නිවසක පැවැති මිතුරෙකුගේ උපන්දින සාදයකට සහභාගි වී නැවත සිය නිවෙස් වෙත පැමිණෙමින් සිටියදීයි මෙම වෙඩි ප්‍රහාරයට ලක්ව ඇත්තේ.

 

ජීවිතක්ෂයට පත් වූ යොමේෂ් නදීෂාන් නැමැත්තා අදාළ සාදයේ වීඩියෝවක්ද සිය ෆේස්බුක් ගිණුමේ මෙලෙස පළ කර තිබුණා.

 

තරුණයින් දෙදෙනා පැමිණි යතුරුපැදිය පසුපසින් වැන් රථයකින් පැමිණි වෙඩික්කරුවන් එය යතුරුපැදියේ හප්පා අනතුරුව වෙඩිතබා ඇති බවට පොලීසිය සිදුකළ මුලික විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

 

වෙඩි තැබිම සිදුවූ ස්ථානයේ තිබි ටී-56 උණ්ඩ කොපු 39ක්, හා මිලිමීටර් 9 වර්ගයේ උණ්ඩ කොපු 03ක් සොයාගැනීමට පොලිසිය සමත් වුණා

 

වෙඩික්කරුවන් පැමිණි වෑන් රථය වෙඩිතැබීම සිදුවූ ස්ථානයේ සිට මීටර් 800ක් පමණ දුරින් පිහිටි දෙවුන්දර වරාය මාර්ගයේ ගිනිතබා ගොස් තිබියදී පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා

 

එම වෑන් රථය තුළ තිබී ටී-56 ගිනි අවි සඳහා යොදන මැගසීනයක් හා තවත් ටී-56 උණ්ඩ කොපු හමු වූ බවයි පොලිසිය සඳහන් කළේ.

 

වෙඩිතැබීම සිදුවූ ස්ථානයේ මහෙස්ත්‍රාත් පරීක්ෂණය මාතර අතිරේක මහෙස්ත්‍රාත් මාලන් ශිරාන් ජයසුරිය මහතා විසින් අද අළුයම සිදු කළා.

 

ජීවිතක්ෂයට පත් වූ යොමේෂ් නදීෂාන් නැමැත්තාට ජීවිත තර්ජන පැවැති බවත් ඔහුට එරෙහිව මත්ද්‍රව්‍ය නඩුවක් පවතින බවත් පොලිසිය සඳහන් කළා.

 

මෙම සිදුවීමට හේතුව මත්ද්‍රව්‍ය සම්බන්ධ ගැටලුවක් බවයි පොලිසිය සැක පළ කරන්නේ.

 

මාතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කරනවා.

 

මේ අතර වසරේ මේ දක්වා කාලය තුළ වෙඩි තැබීමේ සිදුවීම් 26කින් පුද්ගලයින් 22 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

 

තුවාල ලබා ඇති සංඛ්‍යාව 11ක්.

views

419 Views

Comments

arrow-up