“දශක හතරක් කියන්නේ දිගු කාලයක්. ඔබ කළ කැපකිරීම් අසමසමයි...” - විවාහ දිවියේ 41 වන වසර සමරමින් මහින්ද තම දයාබර බිරිඳ ශිරන්ති වෙනුවෙන් තැබූ සටහන (PHOTOS)

මෙරට දේශපාලන ගමන් මඟෙහි කැපී පෙනෙන චරිතයක් වූ මහින්ද රාජපක්ෂ සිය සමාජ මාධ්‍ය වේදිකාවන් වෙත ආදරණීය සටහනක් එක්කාසු කර තිබුණා.
ඒ, සොඳුරු ඡායාරූපයක් ද සමඟයි.
ඔහු මෙලෙස සටහනක් තබා තිබුණේ සිය විවාහ දිවියට 41 වසරක් පිරීම නිමිති කරගෙනයි.
''අපේ විවාහ ජීවිතයට දැන් අවුරුදු 41යි.
දශක හතරක් කියන්නේ දිගු කාලයක්.
දුක සතුට සම සේ දරාගනිමින් අභියෝග හමුවේ නොසැලී මහ මෙරක් වගේ ශිරන්ති හැමදාම මගේ ළඟින්ම හිටියා.
බිරිඳක, මවක, මිතුරියක, මිත්තනියක ලෙස ඔබ කළ කැපකිරීම් අසමසමයි.
ඒ සියල්ලටම බොහොම ස්තුතියි.
දයාබර ශිරන්තිට සුබ විවාහ සංවත්සරයක් වේවා!''
මහින්ද - ශිරන්ති දෙදෙනා සෑම සුවිශේෂී මොහොතකම නිතර එකටම දැකිය හැකි ආදරණීය යුවළකි.
මහින්ද රාජපක්ෂගේ දේශපාලන ගමනේ ඈ සෙවණැල්ල මෙන් නිරන්තර ළඟ රැඳුණු බවත් කිව යුතුමය...
574 Views
Comments