දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම අපහසු කාර්යයක්
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
17

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම අපහසු කාර්යයක්

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම අපහසු කාර්යයක්

යම් ආකාරයක දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් කළත් ඒ හේතුවෙන් බැංකු පද්ධතිය අස්ථාවර නොවන බව සඳහන් වේ.

 

පොලී අනුපාතික වේගයෙන් ඉහළ යන කාලයක අඩු කූපන් පොලියකට මිල දී ගෙන තිබෙන බැඳුම්කරවල මිල විශාල ලෙස පහත වැටේ. කල් පිරීමේ කාලය වැඩි වන තරමට සහ පොලී වෙනස වැඩි වන තරමට මිල පහත වැටීමද වැඩිය.

 

 

මෙවැනි මිල පහත වැටීම් “සිදු නොවූ/ සිදු විය හැකි අලාභ – unrealized losses” ලෙස අදාළ ආයෝජකයින්ගේ ශේෂ පත්‍රවල රැඳී තිබේ. මෙවැනි සිදු විය හැකි අලාභයක් ඇත්ත අලාබයක් වන්නේ යම් හෙයකින් බැඳුම්කරයක් විකුණන්න සිදු වුවහොත් පමණි.

 

 

ලංකාව හා අදාළව සුරැකුම්පත්වල මිල පහළ ගිය අදියර මේ වන විට අවසන් වී ඇත. මේ වන විට කලින් මිල දී ගත් සුරැකුම්පත්වල මිල වේගයෙන් ඉහළ යන අදියරක රට පවතී. මෙවැනි කාලයක සුරැකුම්පත් සඳහා ලැබෙන්න තිබෙන මුදලින් යම් කොටසක් නොලැබී ගියත්, බැංකුව පෙර සිටියාට වඩා වාසිදායක සහ ස්ථායී ස්ථානයක ඇත. එම නිසා යම් ණය කප්පාදුවක් සිදු වුවත් බැංකුවලට ගැටලුවක් නොවන බව වැඩිදුරටත් සඳහන් වේ.

views

391 Views

Comments

arrow-up