විදේශ සංචිත තවත් පහලට
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
09

විදේශ සංචිත තවත් පහලට

විදේශ සංචිත තවත් පහලට

2022 ඔක්තෝබර් මාසය අවසානයේදී ශ්‍රී ලංකාව සතු නිල සංචිත වත්කම්වල වටිනාකම එක්සත් ජනපද ඩොලර් මිලියන 1.704 ක් දක්වා තවත් පහත වැටී ඇත.

 

2022 සැප්තැම්බර් මාසය අවසානයේදී පැවති ඩොලර් මිලියන 1.779 ක් වූ සංචිත වත්කම් ප්‍රමාණය හා සැසඳීමේදී මෙය සියයට 4.2 ක පහළ යෑමකි.

 

මේ අතර නිල සංචිත වත්කම් තුළ අන්තර්ගත වන ප්‍රධාන සංරචකය වන විදේශ විනිමය සංචිතය 2022 ඔක්තෝබර් මාසය තුළදී ඩොලර් මිලියන 1.683 සිට ඩොලර් මිලියන 1.609 ක් දක්වා සියයට 4.4 කින් අඩු වී ඇත.

 

මෙම විදේශ විනිමය සංචිතය තුළ චීන මහජන බැංකුවෙන් ලද එක්සත් ජනපද ඩොලර් බිලියන 1.5 කට සමාන විදේශ විනිමය හුවමාරු පහසුකම අන්තර්ගත වන අතර එය භාවිත කිරීම යම් කොන්දේසිවලට යටත්ව තිබේ.

views

288 Views

Comments

arrow-up