FEB
21
සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවට නව සභාපතිවරයෙක්

ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ නව සභාපතිවරයා ලෙස ෆයිසල් සාලි මහතා පත්කර ඇති බව වාර්තා වේ.
ශ්‍රී ලංකාවේ සහ විදේශයන්හි වාණිජ හා සංවර්ධන බැංකුකරණය පිළිබඳ වසර හතළිහකට වඩා වැඩි පළපුරුද්දක් ඇති සාලි මහතා ඊයේ (20) දිනයේදී සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙස වැඩ භාර ගත් බව ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව දැනුම් දී සිටී.
සාලි මහතා වර්තමානයේ දී ශ්‍රී ලංකා අධ්‍යක්ෂකවරුන්ගේ ආයතනයේ සභාපතිවරයා ලෙසින් ද කටයුතු කරනු ලබයි.
327 Views
Comments