මහ බැංකු අධිපතිගෙන් සුබ ආරංචියක්
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
22

මහ බැංකු අධිපතිගෙන් සුබ ආරංචියක්

මහ බැංකු අධිපතිගෙන් සුබ ආරංචියක්

මෙම මස අවසානයේ උද්ධමනය තනි ඉලක්කමක් දක්වා පහළ යනු ඇති බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසයි.

 

කොළඹ පැවැති උත්සවයක එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

 

වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,

 

"නව මහ බැංකු පනත අවසානයේ පාර්ලිමේන්තුවෙන් සම්මත කරගන්න හැකිවුණා. දැන් එය නීතියක් බවට පත්ව තිබෙනවා. එය දේශීය මිල ස්ථාවරත්වය සහ මූල්‍ය පද්ධති ස්ථාවරත්වය තහවුරු කිරීම සඳහා අපට පැවරී තියෙන වගකීමට වඩාත් ස්වාධීනත්වයක් ලබාදීලා තියෙනවා වගේම වැඩි ශක්තිමත් වගවීමක් ලබාදීලා තියෙනවා. ෆිස්කල් ප්‍රතිපත්තිය සහ මූල්‍ය ප්‍රතිපත්තිය අතර ඇති වෙනස පිළිබඳ පැටලිලි සහගත තත්වයක් නිර්මාණය වී තිබුණා. පාර්ලිමේන්තුවේදීත් සමහරු කියනවා ඇහුනා රටේ මූල්‍ය බලය තියෙන්නේ පාර්ලිමේන්තුවට බව. ඔවුන් කතාකරන්නේ මහජන මූල්‍ය බලය පිළිබඳ. රටේ මූල්‍ය ප්‍රතිපත්තිය පිළිබඳව නෙමෙයි. අපිට දැන් නව ව්‍යුහයක් තියෙනවා. මූල්‍ය මණ්ඩලය සහ පාලක මණ්ඩලය. අපි මේ මාසයේ අවසන් වෙද්දී තනි ඉලක්කමේ උද්ධමන අගයක් අත්පත්කරගන්න තැනක ඉන්නවා."

views

379 Views

Comments

arrow-up