OCT
23
රුපියල් දහස දෙසීයට බසී

උද්ධමනයේ ඉහළ යාම හමුවේ රුපියල් දහසේ වටිනාකම මේවනවිට රුපියල් 200ක් දක්වා අඩු වී ඇතැයි ආර්ථික විශ්ලේෂකයින් පවසනවා.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල පැවසුවේ මුදලේ වටිනාකම පිරිහීම හරහා ආර්ථිකය තවදුරටත් කඩා වැටෙන බවයි.
රජයේ ආදායම ඉහළ නංවා ගැනීමට ජනතාව මත විශාල බදු ප්‍රමාණයක් මුදා හැර ඇත්තේ ද රජයේ වියදම් ඉහළ මට්ටමක පවත්වා ගනිමින් බව ඔහු ප්‍රකාශ කළා.
සාමාන්‍යයෙන් උද්ධමනය පාලනය කිරීමට කළ යුත්තේ පොලී අනුපාතය ඉහළ නැංවීම මෙන්ම රජයේ වියදම් අඩු කිරීම බවයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල වැඩිදුරටත් පැවසුවේ.
336 Views
Comments