NOV
24
ශ්‍රී ලංකාවට නිදහසේ වැය කළ හැක්කේ ඇමරිකානු ඩොලර් මිලියන 300 ක් පමණි

ශ්‍රී ලංකාවට මේ වන විට නිදහසේ වැය කළ හැක්කේ ඇමරිකානු ඩොලර් මිලියන 300ක පමණ මුදලක් බව මහ බැංකු ආරංචි මාර්ග පවසයි.
2022 ඔක්තෝම්බර් මාසය අවසන් වන විට ශ්‍රී ලංකා මහ බැංකුව සතුව ඇති දළ නිල සංචිත ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 1.7කි.
කෙසේ නමුත් මේ අතරින් ඇමරිකානු ඩොලර් බිලියන 1.4ක් චීන මහජන බැංකුව හරහා ලබාගත් මූල්‍ය හුවමාරු පහසුකම යටතේ වන මුදල් ප්‍රමාණයකි.
එම මුදල් වැය කළ යුත්තේ චීන - ශ්‍රී ලංකා මූල්‍ය හුවමාරු ගිවිසුමට අනුකූලවයි.
ඒ අනුව මේ වන විට ශ්‍රී ලංකාවට නිදහසේ වැය කළ හැක්කේ ඇමරිකානු ඩොලර් මිලියන 300ක මුදලක් පමණි.
301 Views
Comments