දේදුනු පාටින් හැඩ වෙන ජුනි මාසය
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
20

දේදුනු පාටින් හැඩ වෙන ජුනි මාසය

දේදුනු පාටින් හැඩ වෙන ජුනි මාසය

ජුනි මාසය සමරිසි සහ සංක්‍රාන්ති ලිංගික පුද්ගලයන්ගේ අයිතීන් සැමරීමේ මාසයයි. LGBTQ+ ජනතාවගේ විවිධත්වය ලොව වටා රටවලින් සමරනු ලබන්නේ මෙම මාසයේ දී ය.



LGBTQ+ යනු සමලිංගික, ද්වීලිංගික හෝ සංක්‍රාන්ති ලිංගිකයන් ලෙස හඳුනාගන්නා පුද්ගලයින් සහ සාම්ප්‍රදායික සම්මතයන්ට වෙනස් ස්ත්‍රීපුරුෂභාවයන් අනුගමනය කරන පුද්ගලයින් වේ.



මෙවර LGBTQ+ ප්‍රජාව විසින් සංවිධානය කර තිබූ පාගමන නම් කර තිබුණේ "නිදහසේ අභිමානී පාගමන - 2023" ලෙසයි. ජුනි 04 දින සංවිධානය කළ මෙම පාගමන කොළඹ දී පැවැත්වුණි.



මේ සඳහා එම ප්‍රජාව නියෝජනය කරන සහ ඔවුන්ට සහය දක්වන පිරිසක් එක් ව සිටිය හ. දේදුණු වර්ණ කොඩිවලින් වර්ණවත් වී තිබූ පාගමනේ විවිධ විචිත්‍රාංග ද ඉදිරිපත් කෙරුණි.



ලෝකයේ පළමු Pride සැමරුම හා පාගමන සිදුවන්නේ 1970 වර්ෂයේ දී ඇමෙරිකා එක්සත් ජනපදයේදීයි. එයට වසරකට පෙර එනම් 1969 දී, "ස්ටෝන්වෙල්" නැමැති බීර හලක සිදුවීමක් මෙයට පාදක වී තිබේ.



එය LGBTQ+ ප්‍රජාව විසින් භාවිත කළ බීර හලක් වූ අතර පිටතින් බීර රැගෙනවිත් එහි පානය කිරිමේ අවස්ථාව තිබී ඇත. නමුත් හදිසියේ එයට කඩාවැදුණු පොලිස් කණ්ඩායමක් එහි තොරතුරු සොයා එය නීතිවිරෝධී බීර හලක් ලෙස හැඳින්වීමත් සමඟ එහි ගැටුමක් නිර්මාණය වී ඇති අතර එම පිරිස් පොලිස් අත්අඩංගුවට පත් වී හිංසනයට ලක් වී ඇත.



ඒ සමඟ ම ඔවුන්ගේ අයිතිවාසිකම් ඉල්ලා හා එම හිංසනයන්ට විරුද්ධව උද්ඝෝෂණ රැසක් දියත් වූ බවත් ඒවාට ද පොලිස් ප්‍රහාර එල්ල විය.



ඒ අනුව එම සිදුවීම සිහිපත් කරමින් හා ලෝකයේ ජීවත්වන LGBTQ+ ප්‍රජාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් සමාජ අවධානය ලබා ගැනීම සඳහා 1970 සිට "ස්ටෝන්වෙල් නැගිටීම" සිදු වූ ජුනි මාසය Pride මාසය ලෙස නම් කොට තිබේ. පළමු Pride පාගමන ද 1970 දී පවත්වන ලදි.

views

320 Views

Comments

arrow-up