JUN
20
වඳ වී යන ටපානුලි ඔරං ඔටං

මොවුන් වඳ වී යාමේ තර්ජනයට ලක් වූ සතුන්ගේ ලැයිස්තුවට ඇතුළු කළේ 2017 වසරේදී යි.
වර්තමානය වන විට ඔවුන් ලෝකයේ එක පෙදෙසකට පමණක් සීමා වී ඇත. ඔවුන් ස්වභාවික පරිසරවල දැකිය හැක්කේ සුමාත්‍රාවේ බටංග් ටොරු ස්වභාවික රක්ෂිත පෙදෙසේ පමණි.
අද වන විට මොවුන්ගෙන් ජීවත් වන්නේ 800 ක පමණ පිරිසක් පමණි. මේ අනුව වර්තමානය වන විට මොවුන් ලොව වැඩියෙන් ම තර්ජනයට ලක් වූ වානර විශේෂය බවට පත් ව ඇත.
මොවුන් ජීවත් වන පෙදෙසේ ජනගහනය වැඩිවීමත් සමඟ, කෘෂිකාර්මික කටයුතු, කැණීම් කටයුතු සහ ජල විදුලිබලය නිපදවීම වැනි මානව ක්‍රියාකාරකම් මුල්බැසගැනීම නිසා මෙලෙස ඔවුන්ගේ වාසස්ථාන තර්ජනයට ලක් ව තිබේ.
512 Views
Comments