පබළු නිර්මාණ වලට ප්‍රියකරන ඔබට

පබලු වලින් නිර්මාන සකස් කිරීමට බොහෝමයක් දෙනා ප්‍රියතාවක් දක්වයි. වෙළඳපොළෙන් පබළු මිලදී ගන්නවාට වඩා තමාගේ නිර්මාණ සදහා නිවසේදීම අවශ්‍ය පබළු නිර්මානය කර ගන්නට හැකි නම් එය කෙතරම් අපූරුද. නිවසේදීම පබළු සකස් කර ගන්නා ආකාර පිළිබඳව ඔබව දැනුවත් කරන්නටයි මේ සූදානම.
1. පදම් කළ මැටි භාවිතා කර පබළු නිර්මාණය කිරීම.
අවශ්‍ය ද්‍රව්‍ය-
පදම් කළ මැටි
ෆැබ්‍රික් සායම් වර්ග කිහිපයක්
පොල්තෙල් ස්වල්පයක්
සකස් කරගන්නා ආකාරය-
පළමුව මැටි කොටස් තුනකට වෙන කර fabric සායම් වර්ග තුනක් වෙන් වෙන්ව එකතු කොට හොඳින් මිශ්‍ර කරන්න. පොල්තෙල් ස්වල්පයක් අත්ලේ තවරා එක වර්ණයකින් සාදා ගත් මැටි ස්වල්පයක් ගෙන දිගට රෝල් වන පරිදි සකස් කරගන්න. අනෙක් වර්ණ දෙකෙන්ම මැටි ස්වල්පයක් අත්ලට ගෙන සිහින්ව පෙර පරිදිම රෝල් කර සකස් කරගන්න. පළමුව රෝල් කර සකස් කර ගත් මැටි රෝල වටා වෙනත් වර්ණ දෙකකින් සිහින්ව රෝල් කරගත් මැටි රෝල ඔතන්න. පසුව සිනිඳු ලෑල්ලක් මත පොල් තෙල් ස්වල්පයක් තවරා සකස්කරගත් මැටි රෝලය අවශ්‍ය ප්‍රමාණය සිහින් වන පරිදි රෝල් කරගන්න. අනතුරුව එම රෝලෙන් අවශ්‍ය ඝනකමට පෙති කපා ගන්න. අත්ල මත තබා රවුම් ආකාරයට පබළු සකස් කරගන්න. කූරක් හෝ කම්බි කැබැල්ලක් භාවිතා කොට පබළු වල මැද සිදුරු සකස් කරගන්න. පබළු වියලීමට තබන්න.
2. කඩදාසිවලින් බීරලු හැඩති පබළු සකස් කිරීම
අවශ්‍ය ද්‍රව්‍ය-
වර්ණවත් සහ ඔපවත් කඩදාසි
සාදාගන්නා ආකාරය-
ප්‍රමාණවත් පළලට හා දිගට සපයාගත් කඩදාසි පටි වශයෙන් කපා ගන්න. සාමාන්‍යයෙන් පළල සෙන්ටිමීටර් දෙකක්ද, දිග සෙන්ටි මීටර් විස්සක් ද ප්‍රමාණවත්. සකස්කරගත් කඩදාසි පටියෙ එක් කෙළවරක් තුඩක් වන ආකාරයට පැන්සලෙන් ඇද ගන්න. සලකුණු දිගේ කතුරෙන් කපාගන්න. ඉන් අනතුරුව පළල වැඩි පැත්ත කම්බි කුරක් මත තබා බීරලු ආකාර පළුවක් සෑදෙන සේ ඔතන්න. එතීම ආරම්භයේ දී ද කම්බියේ නොගෑවෙන පරිදි කඩදාසියේ බයින්ඩර් ගම් ස්වල්පයක් ගාන්න. කෙළවර ගම් යොදා අලවා ගන්න. කම්බි කූරු ඉවත් කිරීමෙන් ඇතිවන සිදුර තංගුස් පට ඇතුළු කිරීමට යොදාගත හැකිය. මෙලෙස පබලු අවශ්‍ය ප්‍රමාණයට සකස් කරගත් පසු ඔබට මාලයක් වුවද නිර්මාණය කළ හැකිය. එමෙන්ම ඔබගේ නිර්මාණශීලීත්වය පදනම් කරගනිමින් මේවා භාවිතයෙන් අලංකාර පබලු තිර රෙදි ද නිර්මාණය කර ගැනීමට හැකියාවක් පවතී. එමෙන්ම මෙවැනි නිර්මාණ සිදු කර වෙළඳපලට අලෙවි කිරීමෙන් ඔබට ආර්ථික ලාභයක් ද උපයා ගත හැකි වේවි.
by Sachini Sooriyaarachchi
Photo Source: Internet
21904 Views
Comments