ගුරුවරුන් බිහි කිරීමට අලුත් විශ්වවිද්‍යාලයක්

ඉදිරියේ දී විද්‍යාපීඨ ගුරුවන් බඳවා ගනු ලබන්නේ වසර තුනක ඩිප්ලෝමාවක් සඳහා විද්‍යාපීඨවලට නොව සිව් වසරක උපාධියක් සඳහා ගුරුවරුන් බිහි කිරීම උදෙසාම ස්ථාපනය කරනු ලබන විශ්වවිද්‍යාලයකට බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.
ඒ අනුව මේ වන විට පවතින විද්‍යාපීඨ 19 ම ඉදිරියේ දී ගුරුවරුන් බිහි කරන විශ්වවිද්‍යාල හා ඊට අදාළ පීඨ බවට පත් කෙරෙනු ඇති අතර විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ පිළිගැනීම සහිත ව අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ම එය තබාගන්නා බව ද අමාත්‍යවරයා පැවසීය.
කෙසේ වෙතත මෙහි වෙනත් විශ්වවිද්‍යාලවල මෙන් වෘත්තීය සංගම් හදාගැනීමට අවසරයක් නොලැබෙන බවත් ඊට හේතුව මෙම විශ්විද්‍යාලය මගින් බිහි කරන්නේ ගුරුවරුන් නිසාවෙන් බව ද පැවසීය.
විනයක් සහිත පිරිසක් මෙම සරසවියෙන් බිහි කිරීම මුලික අවශ්‍යතාවක් බවත් උපාධිධාරී ගුරුවරයෙකු මෙමගින් බිහිවන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.
453 Views
Comments