MAY
15
වසර පහට පාසල් 32 ක් වැසේ.

පසුගිය වසර පහ තුල පාසල් 32ක් වසා දමා ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.
2018 - 2019 වසර තුළ දී පාසල් 09 ක්, 2019 - 2020 තුළ පාසල 15ක්, 2020 – 2021 දී පාසල් 8ක් මෙලෙස වසා දමා ඇත.
පවත්වාගෙන යාම තවදුරටත් ඵලදායී නොවන නිසා මෙලෙස වසා දමා ඇත්තේ පළාත් සභා පාලනය යටතේ වූ පාසල් ය.
දැනට රජයේ පාසල් වල අධ්‍යාපනය ලබන පිරිස 4,048,937 ක් වේ. ඔවුන් පළාත් සභා සහ ජාතික පාසල් 10,146 ක ඉගෙනුම ලබයි.
375 Views
Comments