රනිල්ට බ්‍රිතාන්‍යයෙන් ආ පණිවිඩය
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
03

රනිල්ට බ්‍රිතාන්‍යයෙන් ආ පණිවිඩය

රනිල්ට බ්‍රිතාන්‍යයෙන් ආ පණිවිඩය

ශ්‍රී ලාංකීය ජනතාවගේ ප්‍රශ්න විසඳීමට අවශ්‍ය ස්ථාවරත්වය ඇතිකර ගැනීම සඳහා සියලු පාර්ශව ඇතුළත් රජයක් පිහිටුවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දරන උත්සාහය බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන්ගේ පැසසුමට ලක්ව තිබේ.

 


 
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රාජ්‍ය නායකයා ලෙස පත්වීම සම්බන්ධයෙන් සුභපැතුම් පණිවුඩයක් නිකුත් කරමින් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම ආරක්ෂා කිරීම සහ ප්‍රජාතන්ත්‍රවාදී සම්මුතියක් අපේක්ෂා කිරීම ජනාධිපතිවරයාගේ සාර්ථකත්වය බවයි.

 


 
ශ්‍රී ලංකාව සඳහා බ්‍රිතාන්‍ය රජයේ අවංක කැපවීම නැවත අවධාරණය කරමින් විශේෂයෙන්ම වර්තමාන ආර්ථික හා සමාජීය අභියෝගවලදී එක්සත් රාජධානිය ශ්‍රී ලංකාවේ ජනතාව සමඟ අඛණ්ඩව කටයුතු කරන බවත් අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් සඳහන් කර ඇත.

views

201 Views

Comments

arrow-up