මිලියන 130ක මගඩියක් කළ උන්ඩියල් ජාවාරම්කරුට කොළඹදී පූජාවක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
26

මිලියන 130ක මගඩියක් කළ උන්ඩියල් ජාවාරම්කරුට කොළඹදී පූජාවක්

මිලියන 130ක මගඩියක් කළ උන්ඩියල් ජාවාරම්කරුට කොළඹදී පූජාවක්

ද්‍රවිඩ ජාතිකයකුට රුපියල් කෝටි දහතුනක මූල්‍ය වංචාවක් සිදු කර ඩුබයි සිට මෙරටට පලා ආ ප්‍රධාන පෙළේ උණ්ඩියල් ජාවාරම්කරුවකු බව කියන පුද්ගලයකුට සංවිධානාත්මක පිරිසක් පෙරේදා (24) කොළඹදී ප්‍රහාරයක් එල්ල කර තිබේ.

 

ප්‍රහාරයෙන් තුවාල ලැබූ එම උණ්ඩියල් ජාවාරම්කරු මේ වන විට කොළඹ ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබයි. පිරිස වටකර පහරදීමේදී එයින් බේරීම සඳහා තමන් පැමිණි වෑන් රථයද අතහැර දමා පලාගිය ඔහු පසුව ජාතික රෝහලට ඇතුළත් වී ඇත.

 

මොහු ඩුබායි සිට මෙරටට පලාවිත් ඇත්තේ සිය බිරිඳ සහ දරු දෙදෙනා එරට සිටියදීය. කලක සිට උණ්ඩියල් ජාවාරම ඇතුළු විවිධ ජාවාරම්වල යෙදෙන පහර කෑ පුද්ගලයා වරක් ලන්ඩනයේදීත් තවත් වරෙක ඉන්දියාවේදීත් නීති විරෝධී කටයුතු හේතුවෙන් අත්අඩංගුවට ගැනීමට සිටියදී ශ්‍රී ලංකාවට පලා ආ අයකු බවද සඳහන් වේ.

 

අවසන් වරට ඉන්දියාවේ සිට ධීවර යාත්‍රාවක නැගී මුහුදු මාර්ගයෙන් මෙරටට පලා ආ ඔහු පසුව ආගමන විගමන නිලධාරියකුගේ සහායෙන් මෙරට විදේශ ගමන් බලපත්‍රයක් යොදාගෙන ඩුබායි වෙත ගොස් ඇත.

 

ඔහු අදාළ මුදල් වංචාව සිදුකර ඇත්තේ එසේ ඩුබායි රාජ්‍යයට ගොස් සිටියදීය. වංචාවට ලක්වූ ද්‍රවිඩ ජාතිකයා සතුව මන්නාරම ප්‍රදේශයේ තිබූ හෝටලයක් විකුණා ලබාගත් මුදල් මේ අන්දමට වංචා කර ඇතැයිද පැවසෙයි.

 

උණ්ඩියල් ජාවාරමේ යෙදෙන අතරවාරයේ මොහු නීතියෙන් බේරීම සඳහා ඔත්තුකරුවකු ලෙස කටයුතු කර ඇතැයිද වාර්තා වේ.

 

කොළඹ කොම්පඤ්ඤවීදිය දිසා අපරාධ විමර්ශන ඒකකය සහ මරදාන පොලිසිය මොහුට පහර දීමේ සිද්ධිය පිළිබඳ විමර්ශන සිදු කරයි.

views

195 Views

Comments

arrow-up