ශ්‍රී ලංකාවේ මානව හිමිකම් උල්ලංඝනය කිරීමේ ප්‍රවණතාව තවදුරටත් - ජගත් මානව හිමිකම් කොමසාරිස්
For Sri Lankan's Overseas
Latest_News
calendar
FEB
26

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් උල්ලංඝනය කිරීමේ ප්‍රවණතාව තවදුරටත් - ජගත් මානව හිමිකම් කොමසාරිස්

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් උල්ලංඝනය කිරීමේ ප්‍රවණතාව තවදුරටත් - ජගත් මානව හිමිකම් කොමසාරිස්

මෙරට මානව හිමිකම් තත්ත්වය පිළිබඳ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් මිචෙල් බැචලේගේ ලිඛිත වාර්තාව ජිනීවා මානව හිමිකම් මණ්ඩලයේ 49 වැනි සැසිවාරය වෙත ඊයේ ඉදිරිපත් කර තිබෙනවා.

 

එමඟින් පසුගිය වසරක කාලය තුළ මෙරට මානව හිමිකම් සම්බන්ධයෙන් ඇගයීමක් සිදුකර ඇති අතර, එහිදී මහ කොමසාරිස්වරිය සඳහන් කර ඇත්තේ ලක් රජය විසින් මෑතකදී ගනු ලැබූ ප්‍රතිසංස්කරණ පියවර පිළිගන්නා නමුදු මානව හිමිකම් උල්ලංඝනය කිරීමේ ප්‍රවණතාව තවදුරටත් දක්නට ලැබෙන බවයි.

 

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම සමඟ ඵලදායී ලෙස එක්ව කටයුතු කිරීමට ලක් රජය දක්වන අභිලාෂය කොමසාරිස්වරියගේ ප්‍රසාදයට ලක්වූ අතර, ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර මානව හිමිකම් වගකීම් සාක්ෂාත් කරලීම සඳහා නීතිමය ආයතනික සහ ආරක්ෂක ක්‍ෂේත්‍රයන්හි ප්‍රතිසංස්කරණ තවදුරටත් අවශ්‍ය බවයි ඇය කියා සිටියේ.

 

පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සංශෝධනය කිරීමේ කෙටුම්පත පිළිබඳව විශේෂ සඳහනක් කළ ජගත් මානව හිමිකම් කොමසාරිස්වරිය එය, වැදගත් ආරම්භක පියවරක් ලෙස හඳුන්වා තිබෙනවා.

 

එහිදී රැඳවියන් සිටින ස්ථාන නිරීක්ෂණය කිරීම සඳහා මහේස්ත්‍රාත් බලතල ඉහළ නැංවීම, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රැඳවූන්ගේ නඩු විභාග කඩිනම් කිරීම ආදී පියවර වැදගත් වන බවත් ඇය පවසනවා.

 

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන සිදුකළ කොමිෂන් සභාවේ වාර්තා සම්බන්ධයෙන්ද අවධානය යොමුකරන මානව හිමිකම් මහකොමසාරිස්වරිය එවන් පසුබිමක බොරැල්ලේ දේවස්ථානයක තිබී හමුවූ අත්බෝම්බ සිදුවීම සම්බන්ධයෙන්ද අවධානය යොමුකර තිබෙනවා.

 

ජගත් මානව හිමිකම් කොමසාරිස්වරිය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කළ වාර්තාවෙන් නිර්දේශ පෙළක්ද ඉදිරිපත් කර තිබෙනවා.

 

එහිදී නව ව්‍යවස්ථාවක් සැකසීමේදී මානව හිමිකම් කොමිසම් සභාව ඇතුලු ආයතනවල මෙන්ම අධිකරණයේ ස්වාධීනත්වය තහවුරු කළ යුතු බවත්, ජගත් මානව හිමිකම් කොමසාරිස් මිචෙල් බැචලේ අවධාරණය කළා.

 

පාස්කු ඉරිදා ප්‍රහාර සම්බන්ධයෙන් ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව ප්‍රකාශයට පත්කරන ලෙසත් ඒ සම්බන්ධයෙන් තවදුරටත් ස්වාධීන විමර්ශනයක් සිදුකරන ලෙසත් ඇය නිර්දේශ කරනවා.

 

මීට අමතරව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට තවදුරටත් මූලික ප්‍රතිසංස්කරණ එක්කොට ජාත්‍යන්තර නීතියට අනුගත වන පරිදි එය සංශෝධනය කරන ලෙසයි මිචෙල් බැච්ලේ මහත්මිය නිර්දේශ කරන්නේ.

 

එලෙස එම සංශෝදිත කරුණු නීතිගත කෙරෙනතුරු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ක්‍රියාකිරීම කල් දමන ලෙසත් ඇය ලක් රජයට යෝජනා කරනවා.

views

792 Views

Comments

arrow-up