කොළඹින් හමුවූනා කියන කොවිඩ් ආසාදිතයින් 937 දෙනා ගේ ඇත්ත කතාව
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
27

කොළඹින් හමුවූනා කියන කොවිඩ් ආසාදිතයින් 937 දෙනා ගේ ඇත්ත කතාව

කොළඹින් හමුවූනා කියන කොවිඩ් ආසාදිතයින් 937 දෙනා ගේ ඇත්ත කතාව

කොළඹ නගරයේ සිදුකළ අහඹු PCR පරීක්ෂණ මගින් කොවිඩ් ආසාදිතයින් 937 දෙනෙකු වාර්තා වූ බවට ප්‍රචාරණය වන ප්‍රවෘත්තියේ කිසිදු සත්‍යතාවයක් නොමැති බව නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි රුවන් විජයමුණි සඳහන් කර සිටිනවා.

 

සමාජ මාධ්‍ය හරහා පැතිරී යන මෙම අසත්‍ය පුවත සම්බන්ධයෙන් සිදුකළ විමසීමකදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ පෑලියගොඩ මත්ස්‍ය සංකීර්ණය හරහා මීට දින 09 කට පෙර ආසාදිතයින් 337 දෙනෙක් වාර්තා වූ බවයි.

 

ඒ අනුව මෙම ආසාදිතයි ගේ පළමු ආශ්‍රීතයින් සොයා යමින් දිනපතා PCR පරීක්ෂණ 300 බැගින් සිදුකළ බවත් එහිදී තවත් ආසාදිතයින් 602 දෙනෙක් සොයා ගැනීමට හැකිවූ බවයි කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි රුවන් විජයමුණි සඳහන් කළේ.

 

ඒ අනුව මේ වන විට කොළඹ නගරයෙන් කොරෝනා ආසාදිතයින් 937 දෙනෙක් සොයා ගත් බවත් මෙලෙස වාර්තා වුයේ අහඹු පරීක්ෂණ මගින් නොවන බවයි ඔහු සඳහන් කළේ.

 

වාර්තා වන කොරෝනා වෛරසය ආසාදිතවූ පුද්ගලයින් ගේ පළමු පෙළ ආශ්‍රිතයින් සොයා යමින් තවදුරටත් PCR පරීක්ෂණ සිදුකිරිමට කටයුතු කරන බවයි කොළඹ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය නිලධාරි රුවන් විජයමුණි සඳහන් කළේ.

views

825 Views

Comments

arrow-up