වේදිනිගම හිමි අපේ ජන බල පක්ෂයෙන් නෙරපයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
21

වේදිනිගම හිමි අපේ ජන බල පක්ෂයෙන් නෙරපයි

වේදිනිගම හිමි අපේ ජන බල පක්ෂයෙන් නෙරපයි

අපේ ජන බල පක්ෂයේ මහලේකම්වරයා යැයි කියන වේදිනිගම විමලතිස්ස හිමි පක්ෂයෙන් නෙරපා හැරීමට එම පක්ෂ සම්මේලනයේදී යෝජනාවක් සම්මත කොටගෙන ඇත.

 

ඒ සම්බන්ධයෙන් එහි මාධ්‍ය ලේකම්වරයකු ඊයේ (20) දින නිකුත් කළ නිවේදනය මෙසේය.

 

අපේ ජන බල පක්ෂයේ මහා සම්මේලනය අංක 615, නාවල පාර, රාජගිරිය, ශ්‍රී සද්ධර්මරාජික විහාරයේදී අද (20) දින පැවැත්විණි.

 

එහිදී අපේ ජන බල පක්ෂයේ හිටපු ලේකම් වේදිනිගම විමලතිස්ස හිමි විසින් පක්ෂයට ලැබුණු මන්ත්‍රීධූරය සඳහා වංචනිකව ඒ හිමියන්ගේ නම මැතිවරණ කොමිෂන් සභාවට යෝජනා කිරීමට කටයුතු කිරීම හේතුකොටගෙන ඒ හිමියන්ට විරුද්ධව විනය පරීක්ෂණයක් පවත්වා පක්ෂයෙන් ඉවත්කළ යුතු බවට වන යෝජනාවක් ඒකමතිකව සම්මත විය.

 

අපේ ජන බල පක්ෂයට හිමිවී තිබෙන ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට හිමි විය යුතු බවත් ඒ සඳහා පක්ෂ සභාපති සමන් පෙරේරා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දීමෙන් පසු ඉල්ලා අස් වී පුරප්පාඩුව සඳහා ඥානසාර හිමියන්ව නම් කිරීම කළ යුතු බවටත් වන යෝජනාවක් ද මෙම සම්මේලනයේදී සම්මත විය.

 

එරන්ද කේ නවරත්න
මාධ්‍ය ලේකම් – අපේ ජන බල පක්ෂය

views

1026 Views

Comments

arrow-up