සියදිවි නසාගත් තරුණයාගේ මරණය කොවිඩ් මරණයක් ලෙස නොසැලකේ - කොවිඩ් මරණ 21ට බසී

කොවිඩ්-19 වෛරසය ආසදිත මරණයක් ලෙස වාර්තා වන මෙරට 22වන කොවිඩ් මරණය වශයෙන් නොසැලකීමට තීරණය කළ බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා විසින් තහවුරු කර තිබේ.
නිවේදනයක් නිකුත් කරමින් ඔහු සදහන් කළේ පසුගිය 31 වන දින පාන රෝහලට ඇතුළත් කිරීමේ මියගොස් සිටි 27 හැවිරිදි පුද්ගලයෙකු කොවිඩ්-19 ආසාදිතයෙකු බව පසුව තහවුරු කළ බවයි.
මෙම පුද්ගලයා කොවිඩ්-19 ආසාදිතයන් අතර සිදු වූ 22වන මරණය ලෙස වසංගත රෝග විද්‍යා අංශය විසින් වාර්තා කළ අතර, නමුත් මෙම මරණයට කොවිඩ්-19 රෝගයේ දායක වීමක් නොමැති බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා සදහන් කරයි.
කොවිඩ් 19 රෝගයේ බලපෑම තක්සේරු කිරීම සඳහා වැදගත් වන්නේ එම රෝගයේ දායකත්වයෙන් සිදුවන මරණ බැවින් එම මරණය වෙනම වාර්තා කිරීමට තීරණය කර ඇත.
මේ අනුව මේ දක්වා ශ්‍රී ලංකාව තුළ කොවිඩ් 19 නිසා සිදුවු මරණ සංඛ්‍යාව 21ක් පමණක් බව වාර්තා කරන බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා සදහන් කරයි.
700 Views
Comments