අද මියගිය කොවිඩ් රෝගීන් තුන්දෙනාගේ තොරතුරු
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
27

අද මියගිය කොවිඩ් රෝගීන් තුන්දෙනාගේ තොරතුරු

අද මියගිය කොවිඩ් රෝගීන්  තුන්දෙනාගේ  තොරතුරු

කොවිඩ් නයින්ටීන් හේතුවෙන් අද (27) මෙරටින් මරණ තුනක් වාර්තා වුනා

 

එය දිනක් තුළ වාර්තා වූ වැඩිම මරණ සංඛ්‍යාව වන අතර, පසුගිය දින පහේදී පමණක් කොවිඩ් මරණ සංඛ්‍යාව 6ක් වාර්තා වී තිබේ. 

 

අයි.ඩී.එච්. රෝහලේදී අද පෙරවරුවේ මියගිය කොවිඩ් ආසාදිතයා, ජා ඇළ තිසේරා මාවතේ පදිංචි පුද්ගලයෙකි. 

 

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ එම පුද්ගලයා සිරෝසිස් රෝගයට ප්‍රතිකාරගත් පුද්ගලයෙකු බවය. 

 

වයස අවුරුදු 41ක් ඔහු වෛරසය ආසාදනය වීමෙන් පසුගිය 24 වැනිදා  අයි.ඩී.එච්. රෝහලට ඇතුළත් කර තිබුණි. 

 

සෞඛ්‍ය අංශවලට අනුව ඔහුට වෛරසය ආසාදනය වී ඇත්තේ,  පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොළෙනි. 

 

මියගිය පුද්ගලයාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ කොටිකාවත්ත පොදු සුසාන භූමියේදී නිරෝධායන රෙගුලාසිවලට අනුව සිදුකෙරුණි. 

 

මේ අතර ඊයේ කොම්පඤ්ඤවීදිය, වෑකන්ද ප්‍රදේශයේ පදිංචි 87 හැවිරිදි කාන්තාවක් ද කොවිඩ් නයින්ටීන් හේතුවෙන් මියගොස් තිබේ.

 

ඇය වසරක පමණ කාලයක් එක්තැන්ව සිටි කාන්තාවකි.

 

සෞඛ්‍ය අංශ පවසන්නේ, මියගිය කාන්තාවගේ දියණිය පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොළෙන් මිලදී ගත් මාළු කාන්තාව රැඳී සිටි නිවසේ තබා ඇති බවය. 

 

ඇයගේ පුත්‍රයෙකු විසින් පසුගියදා එම මාළු විසි කිරීමට යන අවස්ථාවේදී අසල්වැසියෙකු ඒ පිළිබඳව දැක පොලීසියට දැනුම්දීමෙන් පසුව මොවුන් පිරිස නිවසේම නිරෝධායනයට යොමුකර තිබුණි.

 

නිවසේදී මියගිය එම කාන්තාවට වෛරසය ආසාදනය වී ඇති බවට අනාවරණ වී ඇත්තේ, දේහයෙන් ලබාගත් ජෛව සාම්පල ජාතික රෝහලේදී පී.සී.ආර්. පරීක්ෂණයකට ලක්කිරීමෙන් පසුවය. 

 

මේ අතර, කොළඹ, කෙසෙල්වත්ත ප්‍රදේශයේ 19 හැවිරිදි "විශේෂ අවශ්‍යතා සහිත" තරුණයෙකු ද වෛරසය ආසාදනයවීමෙන්  මියගොස් තිබේ.

 

සෞඛ්‍ය අංශ පැසුවේ, එම තරුණයා ජාතික රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් සිටි බවය.

 

පසුව සිදුකරන ලද පීසීආර් පරීක්ෂනයේදී ඔහුට වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු කරගෙන තිබේ. 

 

ඔවුන්ගේ දේහයන් පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදුකෙරුණි.

views

661 Views

Comments

arrow-up