SEP
30
ගිනි අවි පෙන්වා රුපියල් කෝටි 03ක මුදලක් මංකොල්ලයක්

කටාන, අක්කරපහ ප්‍රදේශයේ නිවසක රුපියල් කෝටි 03ක පමණ මුදලක් මංකොල්ල කා ඇති බව වාර්තා වනවා. ව්‍යාපාරිකයෙකුගේ නිවසට පැමිණි 5 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් විසින් මෙම මුදල් කොල්ලකෑම සිදුකර ඇති බවයි පොලීසිය පැවසුවේ.
කොල්ලකරුවන් විසින් ගිනි අවි පෙන්වා නිවැසියන් බිය ගන්වමින් මුදල් කොල්ලකෑම සිදුකර තිබේ. සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා කටාන පොලීසිය මඟින් විමර්ශන ක්‍රියාත්මකයි.
881 Views
Comments