ලක්විජයත් ලොප් - අදත් විදුලිය බිඳවැටෙයි?
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
18

ලක්විජයත් ලොප් - අදත් විදුලිය බිඳවැටෙයි?

ලක්විජයත් ලොප් - අදත් විදුලිය බිඳවැටෙයි?

නොරොච්චෝල තාප විදුලි බලාගාරයේ හදිසි අක්‍රිය වීමක් සීදුව තිබෙනවා.

ඊයේ දිනයේදී දිවයින පුරා සිදුවූ හදිසි විදුලි බිඳ වැටීමත් සමග මෙම තත්ත්වය උදාවූ බවයි ලංකා විදුලිබල මණ්ඩලයේ අධ්‍යක්ෂක සහ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන සඳහන් කළේ.

නොරොච්චෝල තාප විදුලි බලාගාරයෙන් ජාතික විදුලිබල පද්ධතියට ලබා දෙන මෙගාවෝට් 810ක ප්‍රමාණයක් මේ හේතුවෙන් අහිමිව ගොස් ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

ඇතිවී තිබෙන තත්ත්වය හමුවේ ඇතැම් විට දිවයිනේ විවිධ ප්‍රදේශ වලට හදිසි විදුලි සැපයීමේ බාධා එල්ල සිදුවිය හැකි බවයි විදුලිබල මණ්ඩලය සඳහන් කර සිටියේ.

 

views

744 Views

Comments

arrow-up