AUG
02
මහමැතිවරණ කොළඹ අපේක්ෂකයෙකු ඉලක්ක කර ඇසිඩ් ප්‍රහාරයක්

කොළඹ දිස්ත්‍රික් මහමැතිවරණ අපේක්ෂකයෙකු ලෙස මෙවර ඉදිරිපත්ව සිටින මොරටුව නගරාධිපති ලෙසද කටයුතු කළ සමන්ලාල් ප්‍රනාන්දු වෙත අද (02) ඇසිඩ් ප්‍රහාරයක් එල්ල වී තිබේ.
ඇසිඩ් ප්‍රහාරයෙක් ඔහුට හානියක් සිදු වී නොමැති අතර මෝටර් රථයකට එම ඇසිඩ් ප්‍රහාරය වැදී තිබේ.
මොරටුව සති පොළ අසළ පැවැති රැස්වීමක් සඳහා ගොස් සිටියදී ඔහු මෙම සිද්ධියට මුහුණ දී ඇති අතර මොරටුව පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.
843 Views
Comments