කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ තවත් 11කට කෝවිඩ්
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
10

කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ තවත් 11කට කෝවිඩ්

කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ තවත් 11කට කෝවිඩ්

කටුනායක නිදහස් වෙළෙඳ කලාපය තුළ පිහිටි නෙක්ස්ට් (NEXT) නැමැති ඇගලුම් කම්හලේ තවත් සේවකයින් 11 දෙනෙකුට කොරෝනා රෝගය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත.

 

ඊයේ(09) සවස මෙම ඇගලුම් කම්හලේ සේවකයන් පී.සී.ආර්.පරීක්ෂණ වලට ලක් කර තිබූ අතර ඒවායේ ප්‍රතිඵල අද(10) දින සවස මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලයට ලැබී ඇති බව කටුනායක සීදූව පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සුරේෂ් කුමාර මහතා පවසයි.

 

ඒ අනුව මෙම ඇගලුම් කම්හලේ සේවිකාවන් 02 දෙනෙකුට සහ සේවකයින් 09 දෙනෙකුට මෙම රෝගය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ .

views

680 Views

Comments

arrow-up