බන්දුලගෙන් 70ට පොල්...
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
18

බන්දුලගෙන් 70ට පොල්...

බන්දුලගෙන්  70ට  පොල්...

පොල් සංවර්ධන මණ්ඩලය සමග එක්ව ජංගම අලෙවි රථ මගින් පොල් ගෙඩිය රුපියල් 70.00කට අද (18 වැනිදා) සිට අලෙවි කරන බව වෙළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කළේය.

 

අයහපත් කාලගුණය හේතුවෙන් පොල් නිෂ්පාදන විශාල ලෙස පහත වැටී ඇතැයි කී ඇමැතිවරයා ඒ හේතුවෙන් පොල් මිල තරමක් ඉහළ ගොස් ඇති බව කියයි.

 

‘රටේ බඩුමිල අඩු කරන්න ප්‍රාතිහාර්ය විසඳුම් නැහැ. වෙළෙඳ ඇමැතිවරයාත් ලෝකේ එක සත්වයෙක් පමණයි. මුළු ලෝකෙම වරායවල් වහනකොට ගුවන්තොටුපොළවල් වහනකොට ලංකාවේ බඩුමිල ඉහළ යනවා. බඩු මිල ඉහළ යනවා කියලා අනිත් රටවල්වල ගුවන්තොටුපොළවල් වරායවල් අරින්න ලංකාවේ වෙළෙඳ ඇමැතිට බැහැ.’ යැයි බන්දුල ගුණවර්ධන මහතා වැඩිදුරටත් කරුණු දක්වා සිටියේය. ඇමැතිවරයා මේ බව පැවැසුවේ ඊයේ (17 වැනිදා) හෝමාගමදීය.

views

699 Views

Comments

arrow-up