ගම්පහට කොරෝනා මර්දන බලකායක් - ලබන සදුදා සිට මෙහෙයුම් අරඹයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
09

ගම්පහට කොරෝනා මර්දන බලකායක් - ලබන සදුදා සිට මෙහෙයුම් අරඹයි

ගම්පහට කොරෝනා මර්දන බලකායක් - ලබන සදුදා සිට මෙහෙයුම් අරඹයි

කොරෝනා වසංගතය ට එරෙහිව ජනතාව වැඩියෙන් වෙසෙන කලාපයක් වශයෙන් ගම්පහ කොරෝනා මර්ධන මෙහෙයුම් විධිමත් කිරීම සඳහා ගම්පහ නගර සභා විසින් කොරෝනා මර්දනය කිරීමේ බළකායක් ස්ථාපිත කළ බව නගරාධිපති එරංග සේනානායක මහතා පවසනවා

 

කොරෝනා උවදුරෙන් බේරී සිටීම සඳහා තාවට අවශ්‍ය උපදෙස් ලබාදීම සහ ආරක්ෂා වීම සඳහා ක්‍රියාමාර්ග ගැනීමට දැනුම ලබාදීම මෙම බළකාය මඟින් සිදු කිරීමට නියමිතයි.

 

ගම්පහ නගර සභාවේ ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂක නන්දන පතිරගේ මහතා ඇතුළු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් තිදෙනෙකුගේ අධීක්ෂණය යටතේ මෙම බලකාය සඳහා සාමාජිකයින් දස දෙනෙකු සිටින බව නගරාධිපතිවරයා සඳහන් කළා.

 

ජනතාව ගැවසෙන ප්‍රදේශවල උෂ්ණත්වය පරික්ෂා කිරීම මුඛ ආවරණ නිසි අයුරින් පැළඳීම පිළිබඳ දැනුවත් කිරීම හා නිරීක්ෂණය කිරීම මීටර් එක දුරස්ථ භාවය පවත්වා ගැනීම පිළිබඳව සහ නතාව ගැවසෙන ප්‍රධාන ස්ථාන විසබීජහරණය කිරීම යන කටයුතු පිළිබඳවත් මෙහිදී සොයා බැලෙනවා.

 

ලබන 14වන සදුඳා දිනයේ සිට කොරෝනා මර්ධන බලකායේ මෙහෙයුම් ආරම්භ කිරීමට සූදානම් කර ඇති බවයි නගරාධිපතිවරයා වැඩිදුරටත් පැවසුවේ.

 

 

 

views

633 Views

Comments

arrow-up