විපක්ෂ නායකධූරය සජිත් ප්‍රේමදාස මහතාට

09 වෙනි පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායකවරයා ලෙස රංජිත් සියඹලාපිටියගේ නම යෝජනා කෙරුණු අතර ඒ අනුව වෙනත් නම් නොමැති හෙයින් ඔහුව තෝරා පත් කර ගනු ලැබුවා.
ඔහුගේ නම යෝජනා කළේ අමාත්‍ය මහින්ද අමරවීර විසින්. එයද පාර්ලිමේන්තු සභාව විසින් සම්මත කෙරුනා.
නියෝජ්‍ය කාරක සභාවේ සභාපතිවරයා ලෙස අංගජන් රාමනාදන් පත්කිරීමට නිමල් සිරිපාල ද සිල්වා විසින් යෝජනා කළ අතර සභාව විසින් එය ස්ථිර කෙරුණා.
තවද විරුද්ධ පාර්ශ්වයේ නායකයා ලෙස සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නම පිළි ගන්නා බවයි කථානායක මහින්ද යාපා අබේවර්ධන සභාවට දැනුම් දුන්නේ.
801 Views
Comments