අයවැය දෙවන වර කියවීමේ විවාදය අද
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
18

අයවැය දෙවන වර කියවීමේ විවාදය අද

අයවැය දෙවන වර කියවීමේ විවාදය අද

 

අයවැය දෙවන වර කියවීමේ විවාදය අද පෙරවරු 10ට ආරම්භ කෙරෙනවා.

 

එය ලබන සෙනසුරාදා දක්වා ක්‍රියාත්මක අතර දෙවන වර කියවීමේ ඡන්ද විමසීම එදින පස්වරු 5 ට සිදු කිරීමට නියමිතයි.

 

කාරක සභා අවස්ථා විවාදය ලබන සදුදා සිට දෙසැම්බර් 10 වනදා දක්වා පැවැත්වෙනු ඇති. තෙවනවර කියවීමේ ඡන්ද විමසීම එදින පස්වරු 5ට පැවැත්වීමටයි සැළසුම් කර ඇත්තේ.

 

2021 අයවැය යෝජනා මුදල් අමාත්‍ය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් ඊයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. සාම්ප්‍රදායික තේ පැන් සංග්‍රහය අයවැය අතරතුර පාර්ලිමේන්තු මන්ත්‍ර්‍රී භෝජනාගාරයේ දී පැවැත්වුණා.

 

ලබන වසර සඳහා රජයේ ඇස්තමේන්තු ගත ආදායම රුපියල් බිලියන 1, 961 ක්. රජයේ මුළු වියදම බිලියන 3, 525 ක්. ඒ අනුව ආදායම් වියදම් පරතරය රුපියල් බිලියන 1, 564 ක්.

 

 

views

653 Views

Comments

arrow-up