රිජ්වේ රෝහලේ දරුවෙකුට සහ මවකට කොරෝනා
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
19

රිජ්වේ රෝහලේ දරුවෙකුට සහ මවකට කොරෝනා

රිජ්වේ රෝහලේ දරුවෙකුට සහ මවකට කොරෝනා

බොරැල්ල ළමා රෝහලේ ප්‍රතිකාර ලැබීම සඳහා වයස අවුරුදු 2යි මාස 06ක් වයසැති දරුවෙකුට සහ එම මවට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරුවී තිබෙන බව කොවිඩ් -19 පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටිනවා.

 

මෙම දරුවා සහ මව බොරැල්ල, වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් වන බවයි රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය ජී. විජේසුරිය සඳහන් කළේ.

 

මෙම දරුවා සහ මවගේ ඇතිව තිබු රෝග ලක්ෂණ සම්බන්ධයෙන් සැක සිති රෝහල් කාර්ය මණ්ඩලය ඔවුන්ව වෙන් කොට තබා තිබු බවත් සිදුකළ PCR පරීක්ෂණයකින් ඔවුන් දෙදෙනාටම කොරෝනා වෛරසය ආසාසනය වී ඇති බවට තහවුරු වී ඇත.

 

මේ හේතුවෙන් රෝහල් කාර්ය මණ්ඩලය ආසාදිතයින්ට නිරාවරණය වීමක් සිදුවී නොමැති බවයි රෝහල් අධ්‍යක්ෂකවරයා සඳහන් කළේ.

 

 

views

702 Views

Comments

arrow-up