මෙම වසරේ ජනවාරි මසදී ඉතිහාසගත සංචාරක පැමිණීමක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
FEB
05

මෙම වසරේ ජනවාරි මසදී ඉතිහාසගත සංචාරක පැමිණීමක්

මෙම වසරේ ජනවාරි මසදී ඉතිහාසගත සංචාරක පැමිණීමක්

මෙතෙක් ඉතිහාසයේ දෙවන වරට මාසයක් තුළ මෙරටට පැමිණි වැඩිම සංචාරකයින් සංඛ්‍යාව 2025 ජනවාරි මාසයේදී වාර්තා වී තිබේ.

 

ඒ අනුව 2025 ජනවාරි මාසය තුළ පැමිණ ඇති සංචාරකයින් සංඛ්‍යාව 252,761කි.

 

2018 වසරේ ජනවාරි මාසයේදී සංචාරකයින් 238,924ක් දිවයිනට පැමිණ තිබූ අතර 2024 වසරේ ජනවාරි මාසයේදී පැමිණ ඇති සංචාරකයින් සංඛ්‍යාව 208,253කි.

 

මේ අතර මසක් තුළ වැඩිම සංචාරක පැමිණීම සටහන් වන්නේ 2018 වසරේ දෙසැම්බර් මාසයේ දීය.

 

එම සංඛ්‍යාව 253,169කි.

views

99 Views

Comments

arrow-up