සැමියා ගෙන්වා ගන්න ගැබිණියක් ලෙස බිරිඳක් කළ රඟපෑම දුරදිග යයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
23

සැමියා ගෙන්වා ගන්න ගැබිණියක් ලෙස බිරිඳක් කළ රඟපෑම දුරදිග යයි

සැමියා ගෙන්වා ගන්න ගැබිණියක් ලෙස බිරිඳක් කළ රඟපෑම දුරදිග යයි

වෙනත් කාන්තාවක් සමඟ ජීවත්වන තම ස්වාමිපුරුෂයා ගෙන්වා ගැනීම සඳහා බිරිඳක් විසින් සිදුකළ රංගනයක් දුරදිග ගිය යාමේ සිද්ධියක් මාදම්පේ ප්‍රදේශයෙන් වාර්තාවේ.

 

මාදම්පේ සෙම්බුකට්ටිය ප්‍රදේශයේදී ඊයේ(22) සවස පොලීසිය විසින් මෙම කාන්තාව පොලිස් භාරයට ගෙන තිබුණි.

 

තමන් ගැබිනියක් බවට හුවා දක්වමින් අසල්වැසියන් මුලා කර තවත් පුද්ගලයෙකු සමඟ එම කාන්තාව පසුගිය මැයි මාසයේදී මාදම්පේ සෙම්බුකට්ටිය ලියගොමුව වත්තේ අලු‍තින් ඉදිකරන ලද නිවසකට කුලී පදනම මත පැමිණ තිබේ.


අදාළ පිරිමි පුද්ගලයාද පවසා ඇත්තේ තමන් විවාහක බිරිඳගෙන් වෙන්වී මෙම කාන්තාව සමඟ ජීවත් වන බවයි.

 

මාස කිහිපයක් ඔවුන් දෙදෙනා මෙම නිවසේ රැඳී සිට තිබුණත් කිසිවෙකු සමග සම්බන්ධකම් නොපවත්වන බැවින් ඒ පිළිබඳව සැක සිතුණු අසල්වාසීන් ඔවුන් පිළිබඳ විමසිල්ලෙන් සිට තිබුණි.

 

ඒ අතරතුර අදාල කාන්තාව ගැබිණියක් නොවී සාමාත්‍ය තත්ත්වයෙන් කුලී නිවස පිටුපස සිටින ආකාරය ඊයේ(22) දහවල් කාලයේදී අසල්වැසියෙකු දැක තිබේ.

 

මෙම ආරංචිය ගම පුරා පැතිර යෑමත් සමඟ අවට පදිංචිකරුවන් නිවස වටලා  ප්‍රශ්නකර මාදම්පේ පොලීසිය දැනුවත් කර එම යුවල පොලිසියට භාරදීමට කටයුතු කර තිබිණි.

 

පොලීසිය විසින් සිදුකළ ප්‍රශ්නකිරීම්වලදී ඇය පවසා තිබෙන්නේ ඇය ව්‍යාජ ගැබිනියක් බවත් තමන් ගැබිනියක් බව පෙන්වීම සඳහා කොට්ටයක් භාවිත කර ඇති බවත්ය.

 

මෙම කාන්තාව ආරච්චිකට්ටුව ප්‍රදේශයේ පදිංචිකාරියක් වන අතර සැමියා බව කියන පුද්ගලයා මහරගම රෝහලේ සේවය කරන බව පවසා ඇත.

 

ඔහු වෙනත් කාන්තාවක් සමඟ එම ප්‍රදේශයේ ජීවත් වන බැවින් සැමියාව නැවත තමන් වෙත ගෙන්වා ගැනීමේ අදහසින් මෙලෙස රංගනයක යෙදුණු බවත් ඇය පොලීසියට වැඩිදුරටත් පවසා තිබේ.

 

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පොලීස් විමර්ශන ක්‍රියාත්මකයි.

views

1532 Views

Comments

arrow-up