මිය ගිය වුන් ගැන නොව ජීවත් වෙන අය ගැන හිතලා තීරණ ගන්න – ඕමල්පේ සෝභිත හිමි
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
15

මිය ගිය වුන් ගැන නොව ජීවත් වෙන අය ගැන හිතලා තීරණ ගන්න – ඕමල්පේ සෝභිත හිමි

මිය ගිය වුන් ගැන නොව ජීවත් වෙන අය ගැන හිතලා තීරණ ගන්න – ඕමල්පේ සෝභිත හිමි

කොරෝනා දෙවැනි රැල්ල ඇතිවීමට හේතුව රජයෙන් ඉටු විය යුතු ඇතැම් යුතුකම් ඉටු නොවීම නිසා බවත් ජනතාවගේ ආරක්ෂාව හා රටේ අභිවෘද්ධිය පිළිබඳව හිතන රජයක් දුර දක්නා නුවනින් යුතුව කටයුතු කළ යුතු බවත් දක්‍ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් පවසයි.

 

ශ්‍රි ලංකා රාමාන්‍ය මහා නිකායේ මහ නායක අති පූජ්‍ය නාපානේ පේමසිරි මහා නාහිමියන් වහනසෙගේ සුවදුක් විචාරීම සඳහා පෙරේදා (13) පේරාදෙණි ශික්ෂණ රෝහලට වැඩම කර යළිත් ගැටඹේ රාජෝපවනාරාමයට පැමිණි අවස්තාවේදී උන් වහන්සේ මේ අදහස් පලකරන ලදි.

 

කොරොනා ආසාධනය වීමෙන් මිය යන ඉස්ලාම් භක්තිකයින්ගේ දේහයන් භූමදානයට අවසර ඉල්ලීම සම්බන්ධයෙන් අදහස් පල කරමින් උන් වහන්සේ වැඩිදුරටත් කියා සිටියේ රටක තිබිය යුත්තේ එක නීතියක් බවයි. එම නීතිය පක්ෂ පාට ජාති ආගම් බේදයකින් තොරව ක්‍රියාත්මක විය යුතු බව පෙන්වා දුන් උන්වහන්සේ මිය ගිය වුන් ගැන නොව ජීවත්ව සිටින මිනිසුන් ගැන රජය සිතිය යුතු බව අවධාරණය කරන ලදි.

views

745 Views

Comments

arrow-up