FEB
17
ඉල්ලා අස්වූ සත්වෝද්‍යාන අධ්‍යක්‍ෂ ජනරාල්වරිය යළි සේවයට

පසුගියදා තාවකාලිකව තම රාජකාරිවලින් ඉවත් වූ ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් ෂර්මිලා රාජපක්‍ෂ මහත්මිය යළි සේවයට වාර්තා කර තිබේ.
දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ කඩාකප්පල්කාරී ක්‍රියා සහ වංචා දූෂණවලට සම්බන්ධ පුද්ගලයින් පිළිබඳව විධිමත් විමර්ශනයක් සිදුකර පවතින අවදානම්කාරී තත්ත්වය ඉවත්කර දෙන ලෙස ඉල්ලමින් ඇය පසුගිය දිනක රාජකාරිවලින් ඉවත් වී තිබුණි.
649 Views
Comments