එළ ගවයින් 21ක් මරා මස් කරලා - ලොරියක් සහ දෙදෙනෙක් පොලිස් දැලේ

එළ ගවයන් 21 දෙනෙකු මරා මස්කර ප්‍රවාහනය කරමින් තිබු ලොරි රථයක් එහි රියදුරු සහ සහයකයෙකු සමඟ හොරොව්පොතාන විලේ වැව් බැම්ම අසලදී අද(17) අලුයම අත්අඩංගුවට ගත් බව හොරොව්පොතාන පොලිසිය පවසයි.
ස්ථානීය බුද්ධි අංශ නිලධාරීන්ට ලද තොරතුරක් මත එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මහනුවර සහ වැල්ලවත්ත යන ප්‍රදේශවල පදිංචි අවුරුදු 46 සහ 43 යන වයස් සීමාවල පසුවන සැකකරුවන් දෙදෙනෙකි.
හොරොව්පොතාන තිබිරිඅත්තෑවල ප්‍රදේශයේ කැලෑවකදී ගවයන් මරා මස්කර දෙමටගොඩ ප්‍රදේශයට ප්‍රවාහනය කරමින් සිටියදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකළ බව පවසන පොලිසිය දීර්ඝ කාලයක සිට මෙම ජාවාරම කරගෙන ගොස් ඇතැයි තොරතුරු ලැබී ඇති බවද පවසයි.
අත්අඩංගුවට ගත් මස්වල වටිනාකම රුපියල් ලක්ෂ විස්සකට අධික බව වැටලීම සිදුකළ නිලධාරීන් පවසයි.
සැකකරුවන් අද(17) කැබිතිගොල්ලෑව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
614 Views
Comments