සංචරණ නීති කඩා කොළඹට සෙනග ඇද්ද පෞද්ගලික බස් රථයක් මාට්ටු
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAY
31

සංචරණ නීති කඩා කොළඹට සෙනග ඇද්ද පෞද්ගලික බස් රථයක් මාට්ටු

සංචරණ නීති කඩා කොළඹට සෙනග ඇද්ද පෞද්ගලික බස් රථයක් මාට්ටු

සමස්ත දිවයිනටම සංචරණ සීමාව ක්‍රියාත්මක කර ඇති කාලය තුළදී අක්කරෙයිපත්තුව සිට කොළඹ බලා මගින් ප්‍රවාහනය කරමින් තිබූ පෞද්ගලික බස් රථයක් එහි රියදුරු සහ කොන්දොස්තරවරයා ඇතුළුව ගමන් ගත් මගීන් 46 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට අක්කරපත්තුව පොලීසිය සමත් වී තිබෙනවා.

 

ඊයේ (30) රාත්‍රියේදීයි ඉඟිනියාගල පොලිස් වසමේ නාමල් උයන ප්‍රදේශයේ දී අදාළ බස් රථය සහ පුද්ගලයින් 48 දෙනා මෙලෙස අත්අඩංගුවට ගෙන තිබුණේ.

 

අත්අඩංගුවට ගත් මෙම පිරිස අද (31) දිනයේදී අම්පාර අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා.

views

1378 Views

Comments

arrow-up