බේකරි නිෂ්පාදන සහ බස් ගාස්තු ඉදිරියේදී ඉහළ දමනවා - වෘත්තීය සමිති

ඊයේ රාත්‍රියේදී ඉන්ධන මිල ඉහළ දැමීම සමඟ මේ වන විට අනෙකුත් නිෂපාදන යල මිල ඉහළ දැමීම පිළිබඳව අදාළ වෘත්තීය සමිති සාකච්ඡා කරමින් පවතින බව වාර්තා වනවා.
ඒ අනුව ඉදිරියේදී බස් ගාස්තු සහ බේකරි නිෂ්පාදන වල මිළ ඉහළ දමන බව අදාළ වෘත්තීය සමිති මාධ්‍ය සාකච්ඡා කැඳවමින් ප්‍රකාශ කර සිටියා.
ඊයේ සිදු වූ ඩීසල් වල මිල වැඩි වීමත් සමග 15% කින් බස් ගාස්තු සංශෝධනය විය යුතු බවත් නිරෝධායන නීති යටතේ ආසන සංඛ්‍යාවට පමණක් මගින් ගෙන යන්නේ නම් බස් ගාස්තු 25% කින් සංශෝධනය විය යුතු බවත් සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතා ප්‍රකාශ කළා.
මීට අමතරව බේකරි හිමියන් මේ වන විටත් පාන් සහ අනෙකුත් බේකරි නිෂ්පාදන වල මිළ රුපියල් 5කින් 10 කින් පමණ ඉහළ දමා ඇති බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ ජයවර්ධන මහතා ප්‍රකාශ කළා.
1027 Views
Comments