“ජනපති ජුලි 13 යන්නේ නෑ, අරගලයට නායකත්වය දුන් පිරිස අනතුරක” - නාගානන්දගේ හෙළිදරව්ව මෙන්න (VIDEO)

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජුලි 13දා ඉවත්වීමේ සූදානමක් පෙනෙන්නට නොමැති බව නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු පවසයි.
සමාජ මාධ්‍ය හරහා වීඩියෝවක් පළ කරමින් ඔහු පවසන්නේ, ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධූරය දරමින් මාධ්‍ය නිවේදනයක් ඊයේ(10) දිනයේ නිකුත් කර ඇති බවත් එයට අනුව ඔහු සූදානම් වන බව පෙනෙන්නේ ගෑස්, ඉන්ධන ගැටලු ටික විසඳා යළි බලයේ රැඳී සිටීමට වන බවත්ය.
මහජනතාව එකතුවී සිදුකළ සමාජ පරාවර්ථනය නිසි වේලාවේදී නිසි පියවර නොගතහොත් යටපත් වී යා හැකි බවත් මේ සම්බන්ධයෙන් සියලුම මහජනතාව මෙන්ම ජාත්‍යන්තර සංවිධානද දැනුවත් කරන ලෙස ඔහු ඉල්ලා සිටී.
දැවැන්ත සුනාමියක් ඒමට පෙර මුහුද නිහඬව පසුපසට යන අවස්ථාවක් වැනි තත්ත්වයක මේවන රට ඇති බවද, මින් අනතුරුව පැමිණිය හැකි තත්ත්වයෙන් අරගලයට නායකත්වය දුන් පිරිසගේ ආරක්ෂාවද අනතුරකට ලක්විය හැකි බවත් ඔහු පෙන්වා දෙයි.
267 Views
Comments