මෛත්‍රී පොළොන්නරුවෙන් මහ මැතිවරණයට

මහ මැතිවරණය සඳහා හිටපු ජනාධිපති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් අපේක්ෂකයකු ලෙස තරඟවැදීමට සූදානමින් පසුවනවා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී පැවැති සාකච්ඡාවකදී මහ ලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා මේ බව පැවසුවා.
මෙවර සෑම දිස්ත්‍රික්කයක් සඳහාම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් අපේක්ෂකයින් ඉදිරිපත් කරන අතර ඔවුන් සඳහා මේ වන විට ආචාර ධර්ම පද්ධතියක් සකස් කර තිබෙන බවත් අමාත්‍යවරයා සදහන් කළා.
ඉදිරි මැතිවරණයට තරග කිරීම සඳහා උගතුන් බුද්ධිමතුන් සිය ගණනකගේ අයදුම්පත් ලැබී ඇති බවත් එහි ජ්‍යෙෂ්ඨ උපදේශක රෝහණ ලක්ෂ්මන් පියදාස මහතාගේ සභාපතීත්වයෙන් යුත් මණ්ඩලයක් සුදුස්සන් තේරීම ආරම්භ කර ඇති බවත් ඔහු කියාසිටියා.
978 Views
Comments