හකීම්ගේ පාර්ලිමේන්තු ආශ්‍රිතයන් 15ක් නිරෝදායනයට
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
10

හකීම්ගේ පාර්ලිමේන්තු ආශ්‍රිතයන් 15ක් නිරෝදායනයට

හකීම්ගේ පාර්ලිමේන්තු ආශ්‍රිතයන් 15ක් නිරෝදායනයට

පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු රවුෆ් හකීම් මහතා සහ ගරු අග්‍රාමාත්‍යතුමාගේ දේශපාලන කටයුතු සම්බන්ධීකරණ ලේකම් කුමාරසිරි හෙට්ටිගේ මහතා කොවිඩ් ආසාදිත බවට තහවුරු වී තිබෙනවා.

 

ඒ අනුව ඔවුන් දෙදෙනා ජනවාරි මස 05 හා ජනවාරි මස 08 දිනයන්හි පාර්ලිමේන්තුවට පැමිණ තිබෙනවා.

 

ඒ අනුව ඔවුන් දෙදෙනාගේ සමීප ආශ්‍රිතයන් සී.සී.ටී.වී. දර්ශන මගින් හඳුනා ගන්නා ගෙන තිබෙනවා ජනවාරි මස 05 වැනිදා ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතා පාර්ලිමේන්තුවට පැමිණ ඇති අතර එදින සී සී ටී.වී ආශ්‍රයෙන් ඔහුගේ සමීපාශ්‍රිතයන් සහ පාර්ලිමේන්තුවේ ගමන් කළ ස්ථාන හදුනාගෙන තිබේ.

 

ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පහළොස් දෙනෙකු පමණ සහ කාර්‍ය මණඩලයේ කිහිප දෙනෙකු ඒ අතර වේ.

 

ජනවාරි මස 08 වැනි සිකුරාදා කුමාරසිරි හෙට්ටිගේ මහතා පාර්ලිමේන්තුවට පැමිණ ඇති අතර සහානායක කාර්ය මණ්ඩලයේ කිහිප දෙනෙකු සමීප ආශ්‍රිතයන් කිහිපදෙනකු සිටින බව හදුනාගෙන තිබෙනවා. පාර්ලිමේන්තුවේ අදාළ ප්‍රදේශ විශබීජානුහරණය සදහා පියවර ගෙන තිබෙනවා

views

679 Views

Comments

arrow-up