සමාජ ජාල කැළඹූ පින්තූරය සත්‍ය එකක්- රහස් පොලිසියේදී හෙලිවේ
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
18

සමාජ ජාල කැළඹූ පින්තූරය සත්‍ය එකක්- රහස් පොලිසියේදී හෙලිවේ

සමාජ ජාල කැළඹූ පින්තූරය සත්‍ය එකක්- රහස් පොලිසියේදී හෙලිවේ

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, ඔවුන්ගේ ආර්යාවන් සහ ඇමති එස්.එම්. චන්ද්‍රසේන මහතා සහිත පින්තූරයක් සමාජ ජාලවල පළවීම පිළිබඳ ප්‍රශ්න කිරීමට ඇමැති චම්පික රණවක මහතාගේ හිටපු මාධ්‍ය ලේකම්වරයා වන ධනුෂ්ක රාමනායක මහතා රහස් පොලිසිය වෙත කැඳවා තිබිණි.

 

එහිදී සිදු කරන ලද ප‍්‍රශ්න කිරීම්වලින් පසු ඉන් පිටතට පැමිණි ඔහු කියා සිටියේ අදාල ඡායාරූපය සත්‍ය එකක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, ඔවුන්ගේ ආර්යාවන් සහ ඇමති එස්.එම්. චන්ද්‍රසේන මහතා සහිත පින්තූරයක් සමාජ ජාලවල පළවීම පිළිබඳ ප්‍රශ්න කිරීමට ඇමැති චම්පික රණවක මහතාගේ හිටපු මාධ්‍ය ලේකම්වරයා වන ධනුෂ්ක රාමනායක මහතා රහස් පොලිසිය වෙත අද කැඳවා තිබිණි.

 

එහිදී සිදු කරන ලද ප‍්‍රශ්න කිරීම්වලින් පසු ඉන් පිටතට පැමිණි ඔහු කියා සිටියේ අදාල ඡායාරූපය සත්‍ය එකක් යයි එහිදී තහවුරු වූ බවයි.

 

තමන්ගෙන් ප්‍රශ්න කරන ලද්දේ එම ස්ථානය ඡායාරූප ගැනීමෙන් වැළකී සිටීමට උපදෙස් දී තිබියදී එවන් ඡායාරූපයක් මාධ්‍ය වෙත පැමිණියේ කෙසේදැයි දැන ගැනීමට බවද ඔහු කියා සිටියේය.

 

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉල්ලීම මත තමා තමන්ගේ සමාජ ජාල ගිණුමෙන් එම පින්තූරය ඉවත් කළ බවත් තම ජංගම දුරකථනයේ සම්පූර්ණ පිටපතක් රහස් පොලීසිය අතට දුන් බවත් ඔහු කව දුරටත් සඳහන් කළේය.

 

 

 
ඡායාරූපය සැබෑ එකක්,කොහොමද මේ ඡායාරූපය එලියට ගියේ?

ඡායාරූපය සැබෑ එකක්,කොහොමද මේ ඡායාරූපය එලියට ගියේ? ධනුෂ්ක රාමනායක - නාගරික මන්ත්‍රී 🔴 සම්පූර්ණ වීඩියෝව සදහා පිවිසෙන්න > https://youtu.be/ycVEXJn5xFA

Posted by Newshub.lk on Tuesday, November 17, 2020

 

 

views

770 Views

Comments

arrow-up