රාජාංගනයේ ප්‍රදේශ කිහිපයකට සංචරණයන් සීමා කරයි

කොරෝනා රෝගීන් වාර්තා වූ අනුරාධපුරය, රාජාංගනයේ යාය 1,3 සහ 5 යන ප්‍රදේශවල සංචරණයන් සිමා කළ බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ප්‍රකාශ කර සිටිනවා.
වැලිකඩ රෝගියා සමග ආරම්භ වූ කන්දකාඩු පුනුරුත්ථාපන මධ්‍යස්ථානයේ කොරෝනා පොකුර ආශ්‍රිත රෝගීන් සහ ඔවුන්ගේ ස්පර්ශකයන් සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග සියල්ලම මේ වන විටද ගෙන ඇති බවයි සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා ප්‍රකාශ කළේ.
කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා සෞඛ්‍ය අංශ විසින් පසුගිය මාස වලදී ලබාදුන් සෞඛ්‍ය පුරුදු සහ මාර්ගෝපදේශ වලට යලිත් වරක් අනුගතවීම වැදගත් බව පෙන්වා දුන් සෞඛ්‍ය වෛද්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා පසුගිය සති කිහිපයේදී රටේ පොදු ජනතාව එම කරුණු අමතක කොට සිටින අයුරු දක්නට ලැබුණු බවද කියා සිටියා.
888 Views
Comments