ඉදිරි දින 14 තුළ අපි මොනවා කළත් වැඩක් නෑ - මහජන සෞඛ්‍ය සංගමයේ සභාපති

ඉදිරි සති දෙක තුළ කුමනදේ සිදුකළත් කොරෝනා ආසාදිතයින්ගේ සහ මරණ සංඛ්‍යාව සීඝ්‍රයෙන් ඉහළ යනු ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පවසයි.
මහජන සෞඛ්‍ය සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැවසුවේ සෞඛ්‍ය අංශයට දරාගත නොහැකි අන්දමින් රෝගීන් වැඩිවීම කඩිනමින් පාලනය කළ යුතු බවයි.
ආර්ථික හානිවීම් අවම කර ගනිමින් සියලුම ඒකරාශීවීම් අත්හිටුවීමට සිදුවන බවද උපුල් රෝහණ මහතා තරයේ අවධාරණය කර සිටියේය.
වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා,
“ඉදිරි දින 14 තුළ මේ තත්ත්වය උඩ අපි මොනවා කරත් ඉතා සීඝ්‍රයෙන් රෝගීන් සහ මරණ සංඛ්‍යාව ඉහළ යනවා.
ඒ නිසා රෝහල් හා සෞඛ්‍ය පද්ධතියට දරාගත නොහැකි ලෙස රෝගීන් වැඩිවීම කඩිනමින් පාලනය කළ යුතු වෙනවා.
ආර්ථිකය සමඟ කළමනාකරණය කර ගැනීම සඳහා ආර්ථික හානිය අවම වන විදිහට සියලුම සමාජ ඒකරාශීවිම් නැවැත්වීම සිදුකල යුතු වෙනවා. දිස්ත්‍රික්ක හා පළාත් අතර සංචරණ සීමා දැඩිව ක්‍රියාත්මක කළ යුතු වෙනවා.
ඒ වගේම අනවශ්‍ය ලෙස ආයතනවලට සේවකයින් ගෙන්වීම වහාම අත්හිටුවිය යුතුයි.
රෝගීන් වැඩිවීම පාලනය කර ගත්තේ නැත්නම් ව්‍යවසනයකට තල්ලු වෙනවා.
අපි ක්‍රියාමාර්ග ගන්න පහුවෙන හැම මොහොතක් පසාම ජීවිත කිහිපයක් බිළිගන්න එක තමා වෙන්නේ. ඒ නිසා එහි වගකීම අපි සියලුදෙනා සතුවෙනවා.”
එමෙන්ම මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු පවසා සිටියේ, බිම් මට්ටමේ වාර්තා වන ආසාදිතයින් සහ මරණ නිවැරදිව ජනතාව අතරට නොයෑම හේතුවෙන් ජනතාව තුළ බියක් හෝ නිසි අවබෝධයක් ඇති නොවන බවයි.
815 Views
Comments